කොරෝනා වයිරස අවදානම හේතුවෙන් ජපානයට ඇතුළු වීමට තහනම් පනවා තිබියදී පවතින නේවාසික පදනම යටතේ විදේශීය ජාතිකයින්ට තම රටට පැමිණීමට අවසර දීමට ජපන් රජය තීරණය කර ඇත.
ඒ අනුව ශිෂ්‍යයන්ට, පුහුණු කාර්මිකයන්ට මෙම අවස්ථාව හිමි වේ.
සීමා පැනවීමට පෙර මොවුහු තාවකාලිකව ජපානයෙන් පිටත්වූ අය වෙති.
රටවල් 129 කට දැනට ජපානයට ඇතුළු විය නොහැකි වූ අතර රට තුළ පදිංචිව සිටි අයට පවා විශේෂ තත්වයන් නොමැති නම් නැවත රටට ඇතුළු වීම තහනම් විය.
කොන්දේසි ගණනාවට අනුකූලව ඉහළ පෙළේ විදේශ රාජ්‍ය නිලධාරීන්ට ද ජපානයට ඇතුළු වීමට අවස්ථාව ලබා දී තිබුණි.
මෙම මාසය අවසානයේ එකඟතාවන්ට පැමිණීම අරමුණු කරගනමින් රටවල් 10 ක පමණ ව්‍යාපාරිකයින්ට ජපානයට පැමිණීමට අවස්ථාව දීමට ජපන් රජය සැලසුම් කර ඇත.
වියට්නාමයට පනවා තිබූ ගමන් සීමාවන් ලිහිල් කිරීමට ද ජපානය දැනටමත් එකඟ වී ඇති බව වාර්තා වේ.
-226-
එන්.එච්.කේ ඇසුරෙනි
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ජපානයට පැමිණීමට පනවා තිබූ සීමා ලිහිල් කරයි