IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


චීන ආර්ථිකය යළි නැගිටියි

චීන ආර්ථිකය නැවත වරක් වර්ධනයක් පෙන්නුම් කර ඇත.

නව කොරෝනා වයිරසය හෙවත් 'කොවිඩ්-19' ගෝලීය වසංගතය හේතුවෙන් චීන ආර්ථිකය දැඩි කඩා වැටීමකට ලක්විය.

කෙසේ නමුත් චීන ආර්ථිකය මේ වනවිට නැවත වරක් වර්ධනය වීමට පටන් ගෙන ඇතැයි එරට නිල සංඛ්‍යා දත්ත පෙන්වාදෙයි.

පසුගිය වසරේ දෙවැනි කා‍ර්තුව හා සැසඳීමේදී මේ වසරේ දෙවැනි කාර්තුවේදී චීන ආර්ථිකය සියයට 3.2කින් වර්ධනය වී ඇත. එනම් මේ වසරේ ජූනි මාසයෙන් අවසන් වූ මාස තුනක කාලයේදී දළ දේශීය නිෂ්පාදිතය සියයට 3.2කින් වර්ධනය වී ඇතැයි චීනයේ සංඛ්‍යා දත්ත පිළිබඳ ජාතික කාර්යාංශය සඳහන් කරයි.

මේ වසරේ පළමු කාර්තුවේදී චීන ආර්ථිකය සියයට 6.8 කින් කඩා වැටිණි. චීන ආර්ථිකය 1992 වසරෙන් පසු එවැනි හැකිළීමකට ලක්වූ පළමු අවස්ථාව එය වේ.
ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගත්තේ චීනයෙන් යැයි ද සැක කෙරේ. 

(රොයිටර්)

055
  



අදහස් (0)

චීන ආර්ථිකය යළි නැගිටියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 717 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site