IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව 4,53,000 ඉක්මවයි

ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් ලොවපුරා වාර්තා වන මරණ සංඛ්‍යාව 4,53,000 ඉක්මවා ගොස් ඇත.

නව කොරෝනා වයිරස ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව අද (19) පස්වරු 5 වනවිට 4,53,721ක් යැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි.

ලොවපුරා නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත සංඛ්‍යාව 85,25,671ක් ලෙස අද පස්වරු වනවිට දැක්වුණු අතර වයිරසය ආසාදනය වී සුව වූ සංඛ්‍යාව 41,01,602ක් ලෙස දැක්විණි.

‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් තවමත් විශාල බලපෑමක් එල්ල වූ රට බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය යි.

රොයිටර්ස් පුවත් සේවයට අනුව ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 1,18,384ක් වන අතර එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 22,00,160කි.

දෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. බ්‍රසීලයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 9,78,142ක් වන අතර එරටින් වාර්තා වන මරණ ගණන 47,748කි.

රුසියාවෙන් කොරෝනා ආසාදිතයන් 5,69,063 දෙනකු අද පස්වරු වනවිට වාර්තා වූ අතර එරටින් වාර්තා වන මරණ ගණන 7,841කි.

රොයිටර්ස්

055 

 



අදහස් (0)

ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව 4,53,000 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 36 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 195 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 534 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site