ගිම්හාන නිවාඩුව වෙනුවෙන් හෝටල් විවෘත කරන බව පෝලන්ත රජයේ ප්‍රකාශක පියෝටර් මුලර් අද (29) පැවැසීය.
එරට රාජ්‍ය ගුවන් විදුලියට අදහස් දක්වමින් හෙතෙම ඒ බව කීය. පෝලන්තයේ කොරෝනා වයිරස අවදානම තවමත් පහව ගොස් නැති අතර දිනපතා වාර්තා වන ආසාදිතයන්ගේ ගණන ද වැඩිවෙමින් තිබේ.
පෝලන්තයේ සාම්ප්‍රදායික ගිම්හාන නිවාඩුව ඇරඹෙන්නේ ජූලි සහ අගෝස්තු මාසවලදීය.
කොරෝනා වයිරසයෙන් පසු ව්‍යාපාර ඇතුළු රටේ ඇතැම් කටයුතු නැවත ආරම්භ කිරීමට පෝලන්ත ආණ්ඩුව තීරණය කර ඇත. ඒ සම්බන්ධයෙන් වන තීරණ බදාදා දැනුම් දීමට නියමිතව ඇත.
මේ අතර කොරෝනා වයිරසය හේතුවෙන් වසා දැමුණු පෝලන්තයේ පාසල් මැයි 24 වැනිදා ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
අල්ජසීරා
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ගිම්හාන නිවාඩුවට හෝටල් විවෘත කරන බව පෝලන්ත රජය කියයි