( තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයෙහි අද (27) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 516 දෙනෙකු හමුව ඇත.
මින් 64 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ගම්පහ සහ බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් වන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවාඅධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.
සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන්ආසාදිතයින් හමුවීම අත්තනගල්ල - 60 ක්, මහර - 50 ක්, ජාඇල - 47 ක්, සීදූව - 45 ක්, වත්තල - 39 ක්, කැලණිය - 36 ක්, මීගමුව - 29 ක්, මීරිගම - 21 ක්, මිනුවන්ගොඩ - 19 ක්, දොම්පෙ - 17 ක්, රාගම - 15 ක්, දිවුලපිටිය - 9 ක් සහ කටාන එක් අයෙකු වශයෙන් සිදුව ඇත.
ඊයේ උදෑසන වනවිට ගතවූ පැය 24 ක් තුල ආසාදිතයින් 285 දෙනෙකු දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇති අතර කොරෝනා බවට සැක කෙරෙන රෝගීන් 146 දෙනෙකු රෝහල් ගත කොට ඇති බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සදහන්ය.
ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 13,328 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කොට ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් සංඛ්‍යාව 3,27,363 දෙනෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd