(තිලකරත්න දිසානායක.)
ගම්පහ දිස්ත්‍රික්කයෙහි අද (9) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 558 දෙනෙකු හමුව ඇති අතර මේ අනුව කොවිඩ් දෙවන රැල්ලේ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව 41,429 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සදහන් අන්දමට ගතවූ පැය 24 තුල දිස්ත්‍රික්කයෙහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව ආසාදිතයන් හමුවීම දොම්පෙ කොට්ඨාසයෙන් - 80 ක්, අත්තනගල්ල සහ මීගමුව කොට්ඨාසයන්ගෙන් - 60 දෙනෙකු බැගින්, බියගම - 57 ක්, වත්තල - 49 ක්, කටාන සහ මහර කොට්ඨාසයන්ගෙන් - 48 ක් බැගින්, ගම්පහ - 42 ක්, රාගම - 35 ක්, කැලණිය - 23 ක්, මීරිගම - 20 ක්, දිවුලපිටිය - 13 ක්, ජාඇල - 9 ක්, මිනුවන්ගොඩ - 8 ක් සහ සීදූව කොට්ඨාසයෙන් - 6 දෙනෙකු වශයෙන් වාර්තා වි තිබේ.
දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව නිදහස් වෙළඳ කලාපයේ කටුනායක කර්මාන්තශාලා වලින් ආසාදිතයින් 25 දෙනෙකු සහ බියගම කර්මාන්තශාලා වලින් ආසාදිතයින් 17 දෙනෙකු හමුව ඇත.
මේ අතර දිස්ත්‍රික්කයේ ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 18,333 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවද වෙබ් අඩවියෙහි සදහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd