IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ගතවු පැය 24 දී ගම්පහින් ආසාදිතයින් 452 ක්

(තිලකරත්න දිසානායක)

කොවිඩ් දෙවන රැල්ලේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව 52,521 දෙනෙකු දක්වා ඉහළ යද්දී අද (1) උදෑසන වනවිට ගතවූ පැය 24 තුල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 452 ක් හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි. 

පැය  24 ක කාලය තුල 69 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති අතර සෙසු කොට්ඨාසයන්ගෙන් මීරිගම  - 50 ක්, අත්තනගල්ල  - 45 ක්, ජාඇල  - 42 ක්,  ගම්පහ  - 41 ක්,  දොම්පෙ  - 34 ක්,  වත්තල  - 31 ක්,  කැලණිය සහ මහර කොට්ඨාසයන්ගෙන් - 30 බැගින්,  මිනුවන්ගොඩ  - 25 ක්,  බියගම  - 23 ක්, කටාන - 12 ක්, දිවුලපිටිය - 8 ක්,  මීගමුව  - 7 ක් සහ රාගම - 5 දෙනෙකු වශයෙන් සිදුව ඇත.

පැය 24 ක් තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 32 ක් හමුව ඇති බවත් ආයෝජන කලාපය කටුනායකින් - 25 දෙනෙකුද , බියගමින් - 3 දෙනෙකු සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව 4 දෙනෙකු වශයෙන් හමුව ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 16,869 දෙනෙකු අද වනවිට  නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට ගෙන තිබිණි. 

 

 

 

 

 

 



අදහස් (0)

ගතවු පැය 24 දී ගම්පහින් ආසාදිතයින් 452 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 38 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 877 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site