(තිලකරත්න දිසානායක)
කොවිඩ් දෙවන රැල්ලේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව 52,521 දෙනෙකු දක්වා ඉහළ යද්දී අද (1) උදෑසන වනවිට ගතවූ පැය 24 තුල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 452 ක් හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
පැය 24 ක කාලය තුල 69 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති අතර සෙසු කොට්ඨාසයන්ගෙන් මීරිගම - 50 ක්, අත්තනගල්ල - 45 ක්, ජාඇල - 42 ක්, ගම්පහ - 41 ක්, දොම්පෙ - 34 ක්, වත්තල - 31 ක්, කැලණිය සහ මහර කොට්ඨාසයන්ගෙන් - 30 බැගින්, මිනුවන්ගොඩ - 25 ක්, බියගම - 23 ක්, කටාන - 12 ක්, දිවුලපිටිය - 8 ක්, මීගමුව - 7 ක් සහ රාගම - 5 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
පැය 24 ක් තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 32 ක් හමුව ඇති බවත් ආයෝජන කලාපය කටුනායකින් - 25 දෙනෙකුද , බියගමින් - 3 දෙනෙකු සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව 4 දෙනෙකු වශයෙන් හමුව ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 16,869 දෙනෙකු අද වනවිට නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට ගෙන තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd