(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයෙන් දෛනිකව හමුවන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 500 ඉක්මවා පවතින අතර අද (8) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 509 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.
දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව ගතවූ පැය 24 තුල බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයින් - 99 ක්, සීදූව - 79 ක්, මහර - 57 ක්, මිනුවන්ගොඩ - 52 ක්, අත්තනගල්ල සහ කැලණිය කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් 38 දෙනෙකු බැගින්, කටාන - 34 ක්, මීරිගම - 30 ක්, දොම්පෙ - 26 ක්, ජාඇල - 14 ක්, රාගම - 13 ක්, මීගමුව - 12 ක්, ගම්පහ - 8 ක්, වත්තල - 5 ක් සහ දිවුලපිටිය - 4 වශයෙන් හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල වෙබ් අඩවියෙහි සදහන්ය.
ආසාදිතයින් පැය 24 තුල හමුවීම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මගින් සිදු කළ පී.සී.ආර් පරීක්ෂණවලින් ක්ෂේත්‍රයෙන් 452 දෙනෙකු සහ රෝහල්වලින් සිදු කළ පරීක්ෂණ මගින් ආසාදිතයින් ආසාදිතයින් 52 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 18,237 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබූ බවද වෙබ් අඩවියෙහි සදහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd