(තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොරෝනා රෝගීන් හමුවීම අද (11) දිනයේ ද පැය 24 ක් තුළ 500 දෙනෙකු ඉක්මවා ඇති බවත් කොවිඩ් දෙවන රැල්ලේ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් සංඛ්‍යාව 42,496 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. 

ඊයේ උදෑසන වනවිට ගතවූ පැය උදෑසන 24 ක කාලය තුල ආසාදිතයින් 549 දෙනෙකු හමුව ඇති අතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය 15 ආශ්‍රිතව ආසාදිතයින් 71 දෙනෙකු බියගම කොට්ඨාසයෙන්ද,  අත්තනගල්ල  - 71 ක්,  දොම්පෙ  - 61 ක්,  ගම්පහ සහ කැලණිය  -  48 දෙනෙකු බැගින්,  මිනුවන්ගොඩ  - 47 ක්,  වත්තල  - 44 ක්,  රාගම  - 35 ක්, දිවුලපිටිය  - 32 ක්,  මහර  - 31 ක්,  ජාඇල  - 23 ක්,  මීගමුව  - 20 ක්, මීරිගම  - 16 ක් ,  සීදූව  - 12 ක් සහ කටාන කොට්ඨාසයෙන්  - 9 දෙනෙකු වශයෙන් හමුව ඇති බව වෙබ් අඩවියෙහි සදහන්ය.

පැය  24 ක කාලයක තුල දිස්ත්‍රික්කයෙහි රෝහල්වලට ඇතුලත් කොට ඇති ආසාදිතයින් සංඛ්‍යාව 286 දෙනෙකු වන අතර කර්මාන්තශාලා ආශ්‍රිතව බියගම නිදහස් ආයෝජන කලාපය බියගමින් ආසාදිතයින් 18 දෙනෙකු හමුව ඇත.

ඊයේ උදෑසන වනවිට දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 17,160 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන්ව තිබිණි.