(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොරෝනා රෝගීන් හමුවීම අද (11) දිනයේ ද පැය 24 ක් තුළ 500 දෙනෙකු ඉක්මවා ඇති බවත් කොවිඩ් දෙවන රැල්ලේ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් සංඛ්‍යාව 42,496 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.
ඊයේ උදෑසන වනවිට ගතවූ පැය උදෑසන 24 ක කාලය තුල ආසාදිතයින් 549 දෙනෙකු හමුව ඇති අතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය 15 ආශ්‍රිතව ආසාදිතයින් 71 දෙනෙකු බියගම කොට්ඨාසයෙන්ද, අත්තනගල්ල - 71 ක්, දොම්පෙ - 61 ක්, ගම්පහ සහ කැලණිය - 48 දෙනෙකු බැගින්, මිනුවන්ගොඩ - 47 ක්, වත්තල - 44 ක්, රාගම - 35 ක්, දිවුලපිටිය - 32 ක්, මහර - 31 ක්, ජාඇල - 23 ක්, මීගමුව - 20 ක්, මීරිගම - 16 ක් , සීදූව - 12 ක් සහ කටාන කොට්ඨාසයෙන් - 9 දෙනෙකු වශයෙන් හමුව ඇති බව වෙබ් අඩවියෙහි සදහන්ය.
පැය 24 ක කාලයක තුල දිස්ත්‍රික්කයෙහි රෝහල්වලට ඇතුලත් කොට ඇති ආසාදිතයින් සංඛ්‍යාව 286 දෙනෙකු වන අතර කර්මාන්තශාලා ආශ්‍රිතව බියගම නිදහස් ආයෝජන කලාපය බියගමින් ආසාදිතයින් 18 දෙනෙකු හමුව ඇත.
ඊයේ උදෑසන වනවිට දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 17,160 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන්ව තිබිණි.
2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
889
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2519
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ගතවූ පැය 24 දී ගම්පහ ආසාදිතයින් 500 ඉක්මවයි