( තිලකරත්න දිසානායක.)
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (9) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 60 දෙනෙකු වන වැඩිම සංඛ්‍යාව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇත.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරන අන්දමට එම කාලය තුල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 428 දෙනෙකු හමුව ඇති අතර සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස අනුව මහර - 45 ක්, ජාඇල - 42 ක්, කටාන - 41 ක්, සීදූව - 36 ක්, බියගම - 33 ක්, මීගමුව - 30 ක්, දොම්පෙ - 24 ක්, රාගම සහ වත්තල - 21 දෙනෙකු බැගින්, අත්තනගල්ල - 18 ක්, ගම්පහ සහ දිවුලපිටිය - 15 දෙනෙකු බැගින්, කැලණිය - 14 ක් සහ මිනුවන්ගොඩ - 13 ක් වශයෙන් ආසාදිතයින් හමුව ඇත.
මේ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 54,782 ක් වන අතර ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 13,966 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd