IMG-LOGO

ගත වූ 24 පැයේ ගම්පහින් ආසාදිතයෝ 334 දෙනෙක් වාර්තා වෙති

 

( ගම්පහ තිලකරත්න දිසානායක.)

ගම්පහ දිස්ත්‍රික්කයෙන්  ගතවූ පැය 24 ක කාලයේ කොරෝනා ආසාදිතයන් 334 දෙනකු වාර්තා වූ බව  බව දිස්ත්‍රික්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි. 

මින් 77 දෙනකු රෝහල් මගින් සිදු කළ පරීක්ෂාවලින් සහ 257 දෙනකු දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ක්ෂේත්‍රයේ සිදු කළ පරීක්ෂාවන්හිදී හමුව ඇති.

ආයෝජන මණ්ඩලය කලාපයට අයත් බියගම කර්මාන්තශාලාවලින් ආසාදිතයින් 7 දෙනකුද හමුව ඇත.

මේ අතුරින් 55 දෙනකු වන වැඩිම ආසාදිතයින් කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්ද , මහර කොට්ඨාසයෙන් - 48 දෙනකු ද , දිවුලපිටිය  - 35දෙනකු ද , අත්තනගල්ල  - 34 දෙනකු ද , වත්තල  - 26 දෙනකු ද , මිනුවන්ගොඩ , මීරිගම  සහ රාගම යන කොට්ඨාසයන්ගෙන් 21 දෙනකු බැගින්ද , දොම්පෙ  - 1දෙනකු ද , බියගම  - 16 දෙනකු  සහ මීගමුව කොට්ඨාසයෙන් 10 දෙනකු වශයෙන්ද හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය. 



අදහස් (1)

ගත වූ 24 පැයේ ගම්පහින් ආසාදිතයෝ 334 දෙනෙක් වාර්තා වෙති

රාජිකා සේනපුර Sunday, 02 May 2021 05:08 AM

ගම්පහ නගරයේ සහ අවට ගම්මානවල ආගමික ස්ථානවල ලවුඩ්ස්පීකර් දානවා උදේ සවස. ඉතින් මිනිස්සු යනවා. පොලිසියෙන් හොයලා බලන්නෙත් නෑ. මහජන සෞඛ්‍ය කාර්යාලයේ අයත් දන්නේ නැතිව ඇති. පැන් කලය වුණත් ඇති ලෙඩ බෝවෙන්න. අතින් අත යවන මල්වට්ටි වුණත් ඇති මේ වසංගතය බෝවෙන්න. ඒ තරම් දරුණුයි.. මාස්ක් එක දාගෙන හිටියටම ප්‍රමාණවත් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 65 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 274 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site