(ජේ.කේ. එල් චාමින්ද)

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ බාහිර ප්‍රථිකාර අංශය ආ 194 දෙනකු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණවලට ලක්කොට ඇති අතර ඉන් 39 දෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරුවූ බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ  වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.

මේ අතර  පුද්ගලයින් 46 දෙනකු පි.සි.ආර් පරික්ෂණවලට ලක්කොට ඇති අතර  ඉන් 24 දෙනකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද රෝහලේ වැඩබන අධ්‍යක්ෂකවරයා පැවසීය.

වයිරසය ආසාදනය වුවන් අතර රෝහල් කාර්යමණ්ඩලයේ දෙදෙනකු සිටින  හෙතෙම පවසයි.