IMG-LOGO

2025 ජුනි මස 07 වන සෙනසුරාදා


කොරෝනා වයිරසය තුරන් කිරීමේ ඉලක්කයට ළඟාවී ඇතැයි නවසීලන්තය කියයි

කොවිඩ් - 19 වයිරසයේ ප්‍රජා සම්ප්‍රේෂණය නතර වි ඇති හෙයින් මේ වනවිට පනවා ඇති දැඩි සමාජ සීමා ලිහිල් කිරීමට තීරණය කර ඇතැයි නවසීලන්ත රජය පවසයි.

මේ සම්බන්දව අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩ්න් මහත්මිය සඳහන් කළේ වයිරසය නවසීලන්තයෙන් තුරන් කර ඇති බවයි.

කෙසේවුවද මෙම ප්‍රකාශයෙන් අදහස් වන්නේ නව ආසාදන අවසන් කිරීම සම්බන්දව නොවන බවත් නව ආසාදන තවදුරටත් ඇතිවිය හැකි බවටත් සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.

අඟහරුවාදා (28) සිට සමහර අත්‍යාවශ්‍ය නොවන ව්‍යාපාර, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

එසේ වුවද සියලු සමාජ හමුවීම් වලින් වැළකී සිටිය යුතු බවත් බොහෝ ජනතාවට සෑම විටම නිවසේ රැඳී සිටීමට උපදෙස් දී ඇති බවත් සඳහන් වේ.

" අපි ආර්ථිකය ලිහිල් කරනවා. නමුත් අපි ජනතාවගේ සමාජ ජීවිතය ලිහිල් කරන්නේ නැහැ." අග්‍රාමාත්‍යවරිය දිනපතා පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පැවසුවාය.

නවසීලන්තයේ මේ වනවිට කොරෝනා රෝගීන් 1 500ක් පමණ වාර්තා වන අතර මරණ 19ක් සිදුවී තිබේ.

මෑත දිනවලදී වාර්තා වන රෝගීන් සංඛ්‍යාව අඩුවීම හේතුවෙන් කොරෝනා වයිරසය තුරන් කිරීමේ ඉලක්කය සපුරා ඇති බවට විශ්වාස කරන බව නවසීලන්තයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ඈෂ්ලි බ්ලූම්ෆීල්ඩ් මහතා ද පවසයි.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම තත්ත්වය ආරක්ෂා කර ගැනීම සඳහා වඩාත් සුපරික්ෂාකාරීව සිටිය යුතු බවයි.

කෙසේවුවද නවසීලන්තයේ දේශසීමා තවදුරටත් වසා තැබෙනු ඇතැයි සඳහන් වේ.


(බීබීසී ඇසුරිණි - 085)
 



අදහස් (3)

කොරෝනා වයිරසය තුරන් කිරීමේ ඉලක්කයට ළඟාවී ඇතැයි නවසීලන්තය කියයි

රුවන් Monday, 27 April 2020 09:13 AM

නවසීලන්තයේ මිනිසුන් ඉතාමත්ම හොඳ විනයකට හැදුන නිහතමානී කල්පනාවෙන් වැඩකරන හික්මුණු ජාතියක්..., අපේ ලංකාවේ හරක් වගේ නෙවෙයි...

:       0       16

JAYATH Monday, 27 April 2020 10:48 AM

පොඩි අත් වැරදීමක් වුණේ නැත්නම් අපිත් අද මේ ගොඩේ තමයි...

:       0       12

Raveendra Monday, 27 April 2020 04:43 PM

ඉවසීම, හික්මීම මෙන්ම "පුරවැසියන්ගේ යුතුකම් " මොනවාද යන්න හොදින් අවබෝධව සිටින මිනිසුන්ගේ සමාජයක ඕනෑම ගැටළුවක් පහසුවෙන් විසදිය හැකි බව මෙය කදිම උදාහරණයකි. තවද මුලික අරමුණ පටු දේශපාලන වාසි නොව පුරවැසියන්ගේ ආරක්ෂාව යන්න එම වැසියන් ලොවට හොදින් කියාදී ඇත.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 460 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 311 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 472 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site