(ඩයනා උදයංගනී)
කොරෝනා හෙවත් කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ බවට සැක කරන 103 දෙනෙකු මේ වනවිට රෝහල්වල සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඔවුන් අංගොඩ බෝවන රෝග විද්‍යායතනය ඇතුළු රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
COMMENTS
රෝහල්වලට ඇතුළත් කරගන්න ක්‍රමවේදය වෙනස් කළ යුතුයි 1. කොරෝනා සැක කරනවා නම් රෝහලට පැමිණීමට පෙර දැනුම්දී isolated area එකක් මාර්ගයෙන් රෝගියාව ඇතුළත් කරගත යුතුයි. 2. අත සේදීමට අමතරව මොබයිල් ෆෝන් නිතරම මුහුණට ළං කර ගන්නා බැවින් එය විෂබීජහරණයට හෝ භාවිතයේ වෙනසක් ඇති කළ යුතුයි.
දැනට තහවුරු කරගත් රෝගීන් ගණන 7යි...
ජයා මහත්මයාගේ අදහස ඉතාමත් අගය කරන අතර, මෙහි අදහස් පලකරන බද්රානි නැමැති කාන්තාවගේ, වෛරී අදහස් පිළිකුලෙන් හෙළා දකිමි. තම තමන්ගේ පෞද්ගලික කෝන්තර අමතක කර සැමදෙනා වෙතම කරුණාවෙන්, මෛත්‍රී සිතින් අදහස් පල කරන්නේ නම් මැනවියි සිතමි. ස්තුතියි...
කොරෝනා හෙවත් කෝවිඩ් 19 වයිරසය ගැන අනවශ්‍ය බියක් ඇති නොකර, හැමදෙනාම තම තමන්ගේ යහපත් සහ නිවැරදි සෞඛ්‍යමය පුරුදු පවත්වාගෙන යාම වැදගත්... අපි වෙසෙන බටහිර රටවල... දුරකථන මැසේජ්වලින් හැම පුරවැසියන්ටම කළයුතු සහ නොකළ යුතු දේවල් ගැන පූර්ව දැනුම්දීමක් කරනවා. ඩොක්ටර් සර්ජරි එකට හෝ රෝහල්වලට නොයා ඔවුන් දී තිබෙන විශේෂ දුරකථන අංකවලට කතා කරන්න කියලා. රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා නම් පමණක්... සමහරු සැකයක් තිබේ නම් තනි කැමැත්තෙන්ම "හුදකලා" වී අවශ්‍ය පියවරවල් ගනිමින් සිටිනවා. රෝගය ව්‍යාප්ත වීම වැලැක්වීම ගැන හැමදෙනාම විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු වෙනවා...
රජය මේ ගැන ටිකක් තදින් සොයා බැලිය යුතුයි. මගේ කාර්යාලයේ විතරක් 300කට වඩා සේවකයින් එකම තැනක රාජකාරි කරනවා. ඔවුන් විවිධ තැන්වල ඉඳන් එන අය... අනික් රටවල වගේ ඇයි ලංකාවේ දවස් 14ක් මුළු රටම වසා දමන්නේ නැත්තේ...? තව කී දෙනෙක්ට බෝ වෙනකල්ද බලාගෙන ඉන්නේ...?
සෙනඟ රැස්වන එක වළක්වන්න අරන් තියෙන පියවර අගේ කළ යුතුයි.. එසේවුවත් තවමත් පිටරටවල සිටින වෛද්‍ය උපාධිධාරීන්ට කොළඹ වැල්ලවත්ත සිග්මා ආයතනය ආදී ප්‍රදේශවල පවත්වන පන්ති නතරකර නැත. මේක ලොකු අවදානමක් නේද? මෙම පන්ති පවත්වන දොස්තර මහතුන් මේ ගැන අවධානය ගත යුතුයි...
ගම්මන්පිළ හා වීරවංශ මහතාගේ කතා මේ දවස්වල ඇහෙන්නේ නෑ. ඒක හරිම පාඩුයි.
අන්තිමට අපි කාටත් පිහිටට හිටියේ, වැඩි දෙනෙක් බණින අපේ රටේ වෛද්‍යවරුන් හා රණවිරුවන් තමයි. ඔවුන් අතින් වන සමහර සුළු අඩුපාඩු පවා ඉතාම ලොකු දේවල් ලෙස පෙන්වා ඉතා නින්දිත ලෙස බනිනු දැක ඇත්තෙමි. නමුත් ඔවුන් කරන මෙවන් සේවාවන් අගය කරන්නට කවුරුවත් නැත.
කොරෝනා වලට කුලප්පු වූ ඉතාලියේ සිටි මෝඩරැල මුළු ලංකාවම විනාශ කළා. විශේෂයෙන් පහුගිය සති දෙක තුළ ඉතාලියේ සිට පැමිණ සිටින වෙන්නප්පුවේ නූගත් ජනතාව කෙරෙහි රජයේ හා ප්‍රදේශය භාර පොලිසිය ක්‍රියාත්මක විය යුතුයි.
රටෙි ඇති වී තිබෙන තත්වයට එකම විසඳුම සියලු දෙවල් සති දෙකක්වත් නවත්තන එක පුද්ගලික රජයේ ආයතන, ප්‍රවාහන සේවය ගුවන් ගමන් දුම්රිය, සේවා සියලු දේවල් ටිකක්වත් පාලනය කරගන්න පුළුවන්.. කට කතා බොරු.. මාධ්‍ය සංදර්ශන නවත්තලා එකට එකතු වෙලා වැඩකටයුතු කරන්න ඕනෑ වෙලාවක්.. මොන රජයක් වුණත් කරන දෙවල්වලට විරුද්ධ නොවී එ්වාට සහාය වෙලා වැඩ කරන්න ජනතාව දැනගන්න ඕනෑ. මඩ ප්‍රචාරණ සමාජ මාධ්‍ය හරහා ගෙනියන්නේ නැතිව හරි දේ හරි විදියට කරන්න මේ වෙලාවේ... ඇති වි තිබෙන තත්ත්වය තවත් වර්ධනය නොකර රට රැකගැනීමට අපි හැකි සෑමවිටම උත්සාහ කරමු...