IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කොරෝනා ඉහළ යෑමෙන් හොංකොං හි පාසල් වසා දැමේ

හොංකොං හි කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යෑමත් සමඟ සියලු පාසල් වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ. රෝගය දේශීයව සම්ප්‍රේෂණ වීම ඉහළ ගොස් ඇතැයි ඔවුහු පවසති.

හොංකොං නාගරික බල ප්‍රදේශයෙන් අද (10) නව ආසාදිතයින් 38 ක් වාර්තා වූ අතර ඊයේ 42 ක් වාර්තා වී තිබිණි.

කොරෝනා ව්‍යාප්ත වීමට පටන්ගත් ජනවාරි මාසයේ සිට මේ දක්වා හොංකොං නගරයෙන් වාර්තා වී ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1,404 ක් වන අතර රෝගීන් 07දෙනකු මියගොස් තිබේ.

පසුගිය දින කිහිපයේ වාර්තා වූ රෝගීන් අතර සිසුන් සහ දෙමාපියන් කිහිපදෙනකු සිටින බැවින් පාසැල් වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන ලේකම් කෙවින් යූං පැවසීය.

නැවතත් මාර්ග ගත ඉගෙනුමට මාරුවීමට සිදුවීම සම්බන්ධව සිසුන් සහ දෙමාපියන් කළකිරීමට පත්ව සිටින බව සඳහන් වේ.

අඩු ආදායම්ලාභී පවුල් බොහොමයක් සිටින බැවින් ඔවුහු මාර්ග ගත ඉගැන්වීමේදී අපහසුතාවයට ලක්වෙති.

කෙසේවුවද නිවාඩුව ආරම්භ වීමට ඇත්තේ සතියක පමණ කාලයක් බැවින් මෙවර අධ්‍යාපනයට එතරම් බලපෑමක් සිදුනොවනු ඇතැයි ද පැවසේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

කොරෝනා ඉහළ යෑමෙන් හොංකොං හි පාසල් වසා දැමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 717 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site