( පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල මහ වීදියේ එක් ව්‍යාපාරික ස්ථානයකින් පමණක් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු පිළිබඳව අද (3) වාර්තා වී ඇත.
කුරුණෑගල නගරයේ ව්‍යාපාරික ස්ථානයකින් එක් වර මෙතරම් කොරෝනා ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙයවේ.
මෙම ව්‍යාපාරික ස්ථානයෙන් මීට පෙරද එක් ආසාදිතයෙකු වාර්තා වී තිබූ අතර මේ අනුව ආසාදිතයින් 12 දෙනෙකුම එම ව්‍යාපාරික ස්ථානයෙන් මේවනවිට වාර්තා වී තිබේ.
කුරුණෑගල මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මඟින් පසුගිය 30 වන දින කරන ලද පීසීආර් පරීක්ෂණ වලින් අද මේ බව හෙළි වී ඇත.
මේවනවිට කුරුණෑගල මහ වීදිය සහ ඒ අවට අනෙකුත් වීදි ආශ්‍රිත ව්‍යාපාරික ස්ථාන වල සේවකයින් 42 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇත.
මේ පිරිසට අමතරව කුරුණෑගල තැපැල් ආසාදිතයින් හා සම්බන්ධ ආශ්‍රිතයන් දෙදෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔක්කොම අය කාමරයකට දමා දුම් මුට්ටිය අල්ලන්න.
අර හොල්ලන්න බැරි කෙනාගේ බලය පාවිච්චි කරලා නගරය ආරක්ෂා කරගන්න.