IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


කුරුණෑගල අහඹු පරික්ෂණයෙන් රෝගීන් 54ක්

(පුෂ්පකුමාර ජයරත්න)

කුරුණෑගල මහ නගර සභාවේ සේවය කරන කම්කරු සේවකයින් වාසය කරන කුරුණෑගල විල්ගොඩ ප්‍රදේශයේ සිදු කරන ලද අහඹු පීසීආර් පරීක්ෂණයකින් 54 දෙනකු කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇති බව කුරුණෑගල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ පවසයි.

මෙම අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන විල්ගොඩ ප්‍රදේශයට පිවිසෙන මාර්ග පද්ධතිය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.

කම්කරු නිවාස පද්ධතිය ආශ්‍රිත ප්‍රදේශ තුළින් කොරෝනා ආසාදිතයින් කීප දෙනෙකු වාර්තා වීමෙන් පසුව සිදු කරන ලද අහඹු පරීක්ෂාවකදී මෙම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වූ බව කුරුණෑගල මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක උපතිස්ස විජේසිංහ මහතා ප්‍රකාශ කළේය.

තවත් තෝරාගත් 200 ක පිරිසක් අද (18) දිනයේ පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිත බවද උපතිස්ස මහතා සඳහන් කළේය. පවතින තත්ත්වය හමුවේ මීට වඩා ආසාදිතයින් සංඛ්‍යාවක් එම ප්‍රදේශය ආශ්‍රිතව හමු විය හැකි බවට සැක කරයි.

 



අදහස් (0)

කුරුණෑගල අහඹු පරික්ෂණයෙන් රෝගීන් 54ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site