IMG-LOGO

කටුනායක ඇඟලුම් කම්හල් තුනක් වහයි

(බිඟුන් මේනක ගමගේ)

කොරෝනා ආසාදිතයන් ඇතැයි යන සැකය මත කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හල් තුනක් තාවකාලිකව වසා දමා  ඇත.

එහි සේවකයෝ සිය නේවාසිකාගාරවල රැඳී සිටිති.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී අදාළ කම්හල් වල ප්‍රකාශකයන් පැවසුවේ කොරෝනා ආසාදිතයින් සිටින බවට වූ සැකය මත ⁣පාලනාධිකාරිය මෙම තීරණය ගෙන ඇති බවයි.

සේවක අයිතිවාසිකම් සම්බන්ධයෙන් සොයා බලන ස්ටෑන්ඩප් මූවමන්ට් ලංකා සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අශිලා දන්දෙනිය මහත්මිය පැවසුවේ මෙම ආයතනවල සේවකයන්ට නේවාසිකාගාරවලට යන ලෙස දන්වා ඇතත් ඔවුන් විධිමත් සෞඛ්‍ය පරීක්ෂණ ක්‍රියාවලියකට තවමත් යොමු කර නැති බවයි.

 මෙම ආයතනවල සේවය කරන සේවකයන් සමග එකට නේවාසිකව සිටින වෙනත් ආයතනවල සේවක පිරිස් අදත් සේවයට වාර්තා කර ඇතැයි ද එය අවදානම් තත්ත්වයක් යැයි ද දන්දෙනිය මහත්මිය චෝදනා කළාය.
 
 මේ සම්බන්ධයෙන් විමසීමට අමන්දොලුව ජයවර්ධනපුර ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද ඔහු දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ  නැත.

 නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතා පැවසුවේ මෙම සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පූර්ණ වගකීම අදාළ ආයතන ගත යුතු නමුත් ඔවුන් වගකීම්  විරහිතව ක්‍රියා කරමින් සිටින බවය.

 



අදහස් (4)

කටුනායක ඇඟලුම් කම්හල් තුනක් වහයි

banda Friday, 09 October 2020 09:23 AM

දැන් ලංකාවේ හැමතැනම කොරෝනා. පුලුවන් නම් කොළඹ ජාතික රෝහලේ ඉන්න රෝගීන් සියලුම දෙනාගේ PCR කරලා බලන්න. අන්න එතකොට බලන්න පුළුවන් ලංකාවේ දවසට කීයක් කොරෝනාවලින් මැරෙනවද කියලා. බොරුවට ලංකාව වටේ ඉන්න නිරෝගි පුද්ගලයන් PCR කරලා කන්දකාඩු ගෙනියන්න එපා.

:       6       6

AsankaSaturday, 10 October 2020 06:46 AM

කොරෝනා හැදුණාට කොරෝනා වලින් මැරෙන්නේ නැහැ. එය බොරුවක්... මැරෙන්නේ වෙනත් බරපතල සෞඛ්‍ය ප්‍රශ්නයක් තිබ්බොත්... වකුගඩු නරක් වීමක් වගේ... ඔබ ජාත්‍යන්තර විද්‍යා ප්‍රකාශන කියවලා බලන්න. කෝවිඩ් 19 වයිරසයේමරණ හැකියාව 0.04%... ඔබ කියවලා බලන්න වොෂිංටන් පෝස්ට් පත්තරය ඊයේ. මේ වෙලේ ජනමාධ්‍ය හරි නම් කරන්න ඕනෑ විද්‍යාත්මක ඇත්ත ජනතාවට දෙන එක මිසක් බොරු මනස්ගාත කියන එක නොවේ. ජන විඥාණය මොට කරලා බයකරන්න එපා.

:       1       29

රසික Friday, 09 October 2020 11:07 AM

සර්ට පළාත් සභා ටික තියාගන්න ඕනෑ වුණා නම් මේ පාරත් සුවවිරු වන්නම නටලා කොරෝනා පරද්දනවා. හැබැයි මේ පාර බදියුර්දීන්ලගේ වැඩේ අමතක කරන්න ඕන හින්දා කොරෝනා ටිකක් ඇදගෙන යනවා...

:       2       9

vidya Sunday, 11 October 2020 02:06 AM

පාලිත තෙවරප්පෙරුම, රංජන් රාමනායක, මේ දරුවෝ බඩගින්නේ තියන්න එපා. සොයා බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 138 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 422 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site