IMG-LOGO

උණ වැළඳීමෙන් මියගිය තරුණයාට කොරෝනා නෑ

(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)

උණ රෝගය වැළඳීමෙන් පසු ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ දි  මියගිය තරුණයා කොරෝනා වසන්ගතයට ගොදුරු වී නොමැති බව ඔහු  සම්බන්ධයෙන් පවත්වන ලද විශේෂ වෛද්‍ය පරීක්ෂණයකින් පසු ලද  වාර්තාවකින් අනාවරණය වූ බව හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ  කපිල මල්ලවාරච්චි මහතා පැවසීය.

මිය ගොස් ඇත්තේ මාරාවිල බටහිර වීරහේන ප්‍රදේශයේ විසූ එම්.නිරෝෂන්  මධුවන්ත (23) නමැති විවාහකයෙකි.

ඔහු මුන්දලම ප්‍රදේශයේ වාසය කරන සිය මවගේ සුව දුක් විමසීමට ගිය අවසථාවෙම් දි උණ රෝගයට ගොදුරු වි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම පිණිස ඊයේ ( 10 දා ) මුන්දලම රජයේ රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදි ඔහුගේ තත්ත්වය බරපතල වූයෙන් රෝගියා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට මාරු කළ අතර ඒ ගෙන යන අතර ඔහු මිය ගොස් තිබුණි.

ඔහුට කොරෝනා රෝගය වැළඳී ඇද්දැයි සැකයෙන් ඒ සම්බන්ධ පරික්ෂණවලට පියවර ගත් අතර එම වාර්තාව අද (11) දහවල් ලද බවත් ඒ අනුව රෝගියාට කොරෝනා රෝගය වැළඳී නැති බවත් අනාවරණය වි ඇති බව
රෝහල් අධ්‍යක්ෂවරයා කිය.

 

පසුව මෙම මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයක් හා මරණ පරීක්ෂණයක් පවත්වා කොරෝනා නිති රීති යටත් සිරුර සම්බන්ධයෙන් අවසන් කටයුතු හලාවත ආදාහනාගාරයේ සිදු කිරීමට පියවර ගත් බවත් රෝහල්
 අධ්‍යක්ෂවරයා කිය.



අදහස් (10)

උණ වැළඳීමෙන් මියගිය තරුණයාට කොරෝනා නෑ

දමයන්ති මල්ලිකා Saturday, 11 July 2020 02:18 PM

ඔය බොරු...

:       872       653

herathSaturday, 11 July 2020 04:06 PM

ඔයා දන්නේ කොහොමද?

:       0       0

සුදත් ශ්‍රී Saturday, 11 July 2020 03:22 PM

උණ කියන්නේ රෝග ලක්ෂණයක් මිස රෝගයක් නෙමෙයි. ඒ නිසා උණ හැදිලා මැරුණා කියන එක වැරදියි. මෙයාට උණ හැදුනේ මොකක් නිසාද කියලා සොයා බැලිය යුතුයි.

:       0       250

සුමීර Saturday, 11 July 2020 03:22 PM

ඡන්දෙ ඉවර වෙනකන් කොරෝනා හැදෙන්නේ නෑ.. ඊට පස්සේ ඕන එකක් වුණාට එයාලාට කමක් නෑ. ගෙදරින් පෑනක් අරන් ගිහින් ඡන්දෙ දාලා එන්න. එයාලට සැපෙන් ඉන්න.

:       683       771

Ranepura Kurunegala Saturday, 11 July 2020 05:00 PM

ඡන්ද පටන්ගන්නකම් විතරයි. ඊටපස්සේ තමයි ‘‘කෙළෝනා‘‘ .... එතකොට කට උත්තරත් නැහැ.

:       0       0

Champa Saturday, 11 July 2020 05:42 PM

කොහොමටවත් පිළිගන්න බැහැ. කොරෝනා නෙමෙයි නම් මොකෙන්ද මැරුණේ? උණ උත්සන්න වෙලා නම් උණ අඩුකරන එක ලොකුවැඩක් නෙමෙයි. ඊටත් රෝහලටත් ආවට පස්සේ... අනිත් කාරණේ කොරෝනා නෙමෙයි නම් ආදාහනය කලේ මොකද? ඊයේ මැරිලා එක දවසෙන් ආදාහනයත් කරලා. තරුණ ළමයෙක් මෙහෙම නිකම් මරණයට පත් වුනේ කොහොමද? කොරෝනා දෙවෙනි රැල්ල බිලිගන්නේ තරුණ පරම්පරාව. ඇමරිකාවේ හදිසියේ උත්සන්න වුණු අසාමාන්‍ය මරණ සංඛ්‍යාවට හේතුව ඒක. ආණ්ඩුවට ඡන්ද උණ නිසා ජනතාව රවට්ටන්න බොරු කියනවා. ඇත්ත එළිවෙනවට ආපහු නීති දාලා මිනිස්සු අතට සැබෑ තොරතුරු යන එක වළක්වන්න. මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන එක බලලෝභී පාලකයින් වහාම නැවැත්විය යුතුයි. ඔබ මේ සෙල්ලම් කරන්නේ ඔබට ඡන්දය දුන් තරුණ ජීවිත එක්ක...

:       0       0

කුමාර Saturday, 11 July 2020 06:25 PM

නාවික හමුදා කඳවුරේ හිටපු එක්කෙනෙකුට මී උණ හැදිලා මැරුනේ... අවුරුදු ගාණකින් කුඹුරක් පැත්තේ ගිහිල්ලා නැහැ...

:       0       0

Dasa P Saturday, 11 July 2020 06:50 PM

ඇහුවාමයි... උණ හැදිලා මැරෙනවා...

:       0       0

kamal Sunday, 12 July 2020 04:47 AM

ඔබතුමාලා කියනවා... අපිතුමාලා අහනවා.

:       0       0

Nihal Sunday, 12 July 2020 07:21 AM

ඇයි දැන් මී උණ හැදෙන්නේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site