IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


ඉන්දියාවේ චෙන්නායි සහ තවත් දිස්ත්‍රික්ක තුනකට යළි අගුලු දැමීමේ සීමා

ඉන්දියාවේ චෙන්නායි නගරයට සහ ඊට යාබද දිස්ත්‍රික්ක 3 කට නැවත අගුලු දැමීමේ සීමා පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 එම ප්‍රදේශවල ජීවත් වන්නන්ට අත්‍යවශ්‍ය සේවා සහ සිල්ලර වෙළෙදසල් පමණක් පවත්වාගෙන යාමට බලධාරීන් අවසර දී තිබේ.

ලබන 30 වැනිදා දක්වා මෙම අගුලු දැමීමේ සීමා ක්‍රියාත්මක කිරීමට බලධාරීන් තීරණය කර ඇත.

තමිල්නාඩු ප‍්‍රාන්තයෙන් මේ වනවිට හදුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50000 කට අධික වන අතර ඉන් 37000 ක් පමණ පිරිසක්  වාර්තා වී ඇත්තේ අගනගරය වන චෙන්නයි ප‍්‍රාන්තයෙනි.

 වෛරසය හේතුවෙන් එම ප්‍රාන්තයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 600 කට අධික වන අතර චෙන්නායි නගරයෙන් මරණ 260ක් වාර්තා වී තිබේ.

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් අගුලු දැමීමේ සීමා යළි පැනවූ ඉන්දි‍යාවේ එකම නගරය චෙන්නායි වේ.

ලොව සිව්වැනියට වැඩිම කොරෝනා රෝගීන් පිරිසක් වාර්තා වන රට බවට ඉන්දියාව පත්ව ඇති අතර එම සංඛ්‍යාව 380532 කි.

වයිරසය හේතුවෙන් එරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 12573 ක් වේ.

බීබීසී ඇසුරෙනි

226



අදහස් (2)

ඉන්දියාවේ චෙන්නායි සහ තවත් දිස්ත්‍රික්ක තුනකට යළි අගුලු දැමීමේ සීමා

සේන Saturday, 20 June 2020 05:15 AM

සාමාන්‍යයෙන් අසංවර ජනතාවක් ඉන්නකොට කිසිවක් පාලනය කරගන්න බෑ. මේ රටේ මිනිසුන් සාමාන්‍යයෙන් පෝළිමකවත් හරියට යන්නෙ නෑ. ඒකත් පනිනවා.

:       0       0

Piyal Saturday, 20 June 2020 07:53 AM

ලබන මාසයේ පාසල් පෙළපොත් මුද්‍රණය කරන ආයතන වල සේවයට ඉන්දීය ජාතිකයන් බොහොමයක් පැමිණීමට නියමිතයි.. ඔවුන් හරහා රෝගය පැතිරීමේ විශාල අවදානමක් පවතී

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 35 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 194 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 531 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site