IMG-LOGO

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව චීනයත් අභිබවා යයි

ඉන්දියාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව වයිරසය ආරම්භ වූ චීනයෙන් වාර්තා වන සංඛ්‍යාවට වඩා වැඩිවී ඇතැයි වාර්තා වේ.

ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 85 940ක් වන අතර චීනයෙන් වාර්තා වී ඇත්තේ 82 941කි.

කෙසේ වුවද ඉන්දියාවේ ක්‍රියාත්මක වන දැඩි අගුලු දැමීම් හමුවේ රෝගය බෝවන වේගය අඩුවී ඇතැයි ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

එසේම චීනයේ සිදුවූ මරණ 4 600ට සාපේක්ෂව ඉන්දියාවේ සිදුවී ඇත්තේ මරණ 2 752ක් බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

වයිරසය ආසාදනය වූ පුද්ගලයන්ගෙන් බහුතරය රෝග ලක්ෂණ නොපෙන්වීම හේතුවෙන් මරණ අනුපාතය අඩුවී ඇතැයි බලධාරීහු පවසති.

සමස්ථ ආසාදන වලින් තුනෙන් එකක් මහාරාෂ්ට්‍රයෙන් වන අතර මුම්බායි නගරයේ වැඩිම ව්‍යාප්තියක් පෙන්නුම් කරයි.

තමිල්නාඩු, ගුජරාට සහ දිල්ලි නගර වලින්ද රෝගීන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වේ.
 
මේවා රටේ වැදගත්ම ආර්ථික නගර වන නමුත් නැවත විවෘත කිරීම හේතුවෙන් ආසාදතයන් වැඩිවිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත. 

අඩපන වූ ආර්ථිකය නැවත විවෘත කරන ලෙස ප්‍රාන්ත නායකයින්, ව්‍යාපාරිකයින් සහ කම්කරු ප්‍රජාව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ඉල්ලා සිටියද රජය පවසන්නේ අගුලු දැමීම දීර්ඝ කරන බවයි.

මහජන සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ ඉන්දියාවේ අති විශාල ජනගහනයක් සිටියද කොරෝනා වයිරස පරීක්ෂණ සිදුකරන්නේ අඩු ප්‍රමාණයක් බවයි.

රජය පරීක්ෂණ වේගවත් කළ ද ඉතාලිය, ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය වැනි රටවලට වඩා ඉන්දියාව බොහෝ පසුපසින් සිටින බව ඔවුහු පවසති.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
 



අදහස් (4)

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව චීනයත් අභිබවා යයි

Suga Saturday, 16 May 2020 11:54 AM

මම දැක්කා ඉන්දියාවෙ පොලිසිය මිනිස්සුන්ට පොලුවලින් ගහනවා...එළියට බැහැලා යන්න එපා කියලා නමුත් ඒ අතින් බලනවිට ලංකාවෙ මිනිස්සු ගොඩක් නීතිගරුකයි...

:       33       172

Chandana-AustraliaSaturday, 16 May 2020 01:25 PM

ලංකාවේ මිනිස්සු නීතිගරුකයි කියන්නේ ලංකාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1000 ක් හින්දද? ඔය පොඩ්ඩක් හරි හොයල බැලුවද ඉන්දියාව ලංකාව වගේ කී ගුණයකින් විශාලද කියල? ලංකාව වඩා කී ගුණයක් ජනතාව ඉන්දියාවේ ඉන්නවද කියල? ඔය කියන එක හරි ඉන්දියාව ලංකාව වගේ 85ක් ගුනයක් නම්...

:       151       115

Anton Saturday, 16 May 2020 12:49 PM

හපොයි චීන්නුන්ව විශ්වාස කරන්න එපා.....

:       39       68

Asoka Saturday, 16 May 2020 06:06 PM

කොහොම හරි IPL ගහන්න මෙහෙ ලෑස්ති කරමු නේද? අපිට කොරෝන ටිකක් මදිනේ...

:       6       29

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 243 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site