
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා හේතුවෙන් වසා දැමුණු ආපනශාලා, තේපැන්හල්, බීමහල් විවෘත කිරීමට ඉතාලිය පියවර ගෙන ඇත.
නිවසේදී හෝ ඉන් පිටතදී හෝ සිය පවුල්වල සාමාජිකයන්, හිතමිතුරන්, සමීපතමයන් හෝ තමන්ට කැමැති ඕනෑම පුද්ගලයකු මුණ ගැසීමට මේ වනවිට ඉතාලි ජනතාවට අවසරය හිමි ව තිබේ.
කෙසේ නමුත් විශාල මහජන රැස්වීම් තවමත් තහනම් වන අතර පොදු ස්ථානවලදී මුඛ ආවරණ පැළැඳීම අනිවාර්ය වේ.
එපමණක් නොව පොදු ස්ථානවලදී සමාජ දුරස්ථභාවය ද පවත්වා ගත යුතුය.
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් බව කියන නව කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ රටක් වනුයේ ඉතාලිය යි.
නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉතාලිය මාස දෙකකට ආසන්න කාලයක් වසා දැමිණි.
ඉතාලි බලධාරිහු වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා පැනවූ මැයි මස 4 වැනිදා සිට ලිහිල් කිරීමට පියවර ගත්හ.
මැයි මස 25 වැනිදා කායවර්ධන මධ්‍යස්ථාන, පිහිණුම් තටාක සහ ක්‍රීඩා මධ්‍යස්ථාන විවෘත කිරීමට ද ඉතාලි බලධාරීහු තීරණය කර ඇත.
යුරෝපයේ ෂෙන්ගන් කලාපයේ පිරිස්වලට ජූනි 3 වැනිදා සිට ඉතාලියට යෑමට අවස්ථාව ලැබෙන අතර එය ඉතාලියේ සංචාරක කර්මාන්තය විශාල පිටුවහලක් වනු ඇත.
එතැන් පටන් ඉතාලි වැසියන්ට නිදහසේ රට තුළ ගමන් කිරීමටත් සංචාරය කිරීමටත් අවස්ථාව උදා වේ.
ඉතාලියේ සිනමාශාලා විවෘත කෙරෙන්නේ ජූනි 15 වැනිදා ය.
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් ඉතාලිය දින 69කට අධික කාලයක් අඟුළු දමා තිබිණි.
ඉතාලිය යනු ‘පීසා’වලට සුප්‍රකට රට ය. කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියේ අවන්හල් වසා දැමුණු අතර එරට ජනතාවට පීසාවල රස විඳීමේ අවස්ථා ද සීමා විය. අවන්හල්, බීමහල් විවෘත කිරීමත් සමඟ පීසා රසවිඳීමේ අවස්ථාව ද එරට ජනතාවට උදා වී ඇත.
අවන්හල් විවෘත කළ ද ඒවා පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ගැටලුවක් උද්ගත වී ඇත. පාරිභෝගිකයන්ට අවන්හල්වල සිට ආහාර ගැනීමට අවස්ථාව දෙනවාද නැද්ද යන ප්‍රශ්නයට මුහුණ දීමට අවන්හල්හිමියන්ට සිදුව ඇත. ඊට ප්‍රධාන හේතුව වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම තිබෙන සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යෑමේ නීතිය යි.
‘‘අපි දින 15ක් 20ක් විවෘත කර තබනවා. අපි අවන්හල් විවෘත කරලා බලනවා. මිනිස්සු ආවේ නැත්නම් අපට කඩ වහන්න වේවි’’ යැයි එක් අවහන්හල් හිමියෙක් කීය.
ඒ.එෆ්.පී.
055
2025 නොවැම්බර් මස 17
21
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
867
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2500
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඉතාලියේ ආපනශාලා-බීමහල් විවෘත කරයි
පිටිගල මිලානෝ Monday, 18 May 2020 03:59 PM
සියලුම ආපන ශාලා සහ බාර් විවෘත කර නැතත් විවෘත කර ඇති බාර් වලට පැමිණ දුරස්ථ භාවය රකිමින් කලකට පසු මිතුරන් සමඟ මධුවිතක්, වයින් වීදුරුවක් තොල ගාන බොහෝ පිරිස් මම පසුගිය සති අන්තයේ සවස් භාගයේ දුටිමි. කලකට පසු දුටු පියකරු දසුනක් වුවත් කල්පනාකාරී නොවුනොත් මෙය තවත් ව්‍යසනයක ආරම්භයක් වනු ඇත.
banda Monday, 18 May 2020 07:21 PM
ඉතාලියේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. හැමදාම ඇදිරිනීතිය .
rocky Tuesday, 19 May 2020 03:49 AM
මේ පෘතග්ජන මිනිස්සු අඩියක්, පුඩියක් ගහලා විනෝද වෙනවාට අකමැති පින්වතුන්ට තියෙන්නේ නිවන් පුරේ රුවන් දොර කිට්ටුවෙන් පදිංචි වෙන්න!
ධම්ම Tuesday, 19 May 2020 09:38 AM
අපේ අක්කාගේ තේ කඩෙත් ඇරලද? ස්ටේ සේෆ්...!
chandima Tuesday, 19 May 2020 12:20 PM
පුංචි කාලේ බත් පිඟාන අරන් මිදුලට ගිහින් කනකොට අපේ අම්ම කියනවා එළියේ කන්න එපා පෙරේතයෝ බලාගෙන ඉන්නවා කියල. එත් ඒ රටවල්වල පෙරේතයෝ කුම්භාණ්ඩයෝ නැතුව ඇති මගේ හිත?