IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඇමෙරිකාවේ සිව්වැනි දිනටත් මරණ 1000 ඉක්මවයි



සිව්වැනි දිනටත් ඇමෙරිකාවේ දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 1000 ඉක්මවා තිබේ. ඒ අනුව වෛරසය හේතුවෙන් අලුතින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 1019 වේ. පසුගිය අඟහරුවාදා මරණ 1141 ක්, බදාදා දිනයේ මරණ 1135ක් හා බ්‍රහස්පතින්දා දිනයේ මරණ 1140ක් ද වාර්තා විය.

මරණ වලින් වැඩි සංඛ්‍යාවක් සිදුවී ඇත්තේ වෛරසයේ වැඩිම බලපෑමට ලක්වී ඇති ඇරිසෝනා , කැලිෆෝනියා , ‍ෆ්ලොරිඩා හා ටෙක්සාස් යන ප්‍රාන්ත වලිනි.

ඇමෙරිකාවෙන් මේ වනවිට වාර්තාවන කොරෝනා ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 45,762ක් වේ. අලුතින් හඳුනාගැනුණු ආසාධිතයන් 68,800 කට අධික සංඛ්‍යාවත්  සමඟ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 4.1 ඉක්මවා ඇත.

මේ අතර පාසල් නැවත විවෘත කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගෙන් වැඩි බලපෑමක් එල්ල වී තිබේ. ඊට හේතු ලෙස ඔහු පෙන්වා දෙන්නේ ළමයින්ගේ කායික හා මානසික යහපැවැත්මට සහ දෙමව්පියන්ට රැකියාවන් සඳහා පිටවයෑමේ පහසුවට එය වැදගත් බවයි.


-226-
රොයිටර් ඇසුරෙනි



අදහස් (0)

ඇමෙරිකාවේ සිව්වැනි දිනටත් මරණ 1000 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 717 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site