නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් ආසන්න වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ මිලියන 45.7කට රැකියා අහිමි වී ඇතැයි එරට කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පසුගිය සතියේදී තවත් මිලියන 1.5ක් රැකියා අහිමි වූ බව දන්වා ඇතැයි එම දෙපාර්තමේන්තුව අද සඳහන් කළේය.
රැකියා අහිමි වූවන්ගේ ගණන සතියෙන් සතිය වේගයෙන් ඉහළ ගිය මෙවර වාර්තා වී ඇති ගණන පසුගිය සතියට වඩා 58,000කින් අඩු යැයි පැවසේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ විරැකියා අනුපාතය ද ඉහළ වන අතර ප්‍රතිලාභ ලබන ගණන සියයට 14.1 අගයේ රැඳී ඇත.
මිලියන 20.5ක් තවමත් ප්‍රතිලාභ ලබන බව ද පැවසේ.
අල්ජසීරා
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාව අවුල් ලංකාව හොදයි කියලද කියන්න හදන්නේ.
එහෙනම් 3 වැනි ලෝක යුද්ධයට සූදානම් වෙමු..