කොරෝනා ආසාදිතයන් ගණන 460 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි.
ඒ අනුව අද දිනයේදී වාර්තා වූ ආසාදිතයන් ගණන 8කි.

(ප.ව.9.55 වනවිට)
කොරෝනා ආසාදිතයන් ගණන 452 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි.
ඒ අනුව අද දිනයේදී වාර්තා වූ ආසාදිතයන් ගණන 32කි.

කොරෝනා ආසාදිතයන් ගණන 449 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි.
ඒ අනුව අද දිනයේදී වාර්තා වූ ආසාදිතයන් ගණන 29කි.
(ප.ව. 6.50 වනවිට)
කොරෝනා ආසාදිතයන් ගණන 435 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි
අද දිනයේදී වාර්තා වූ ආසාදිතයන් ගණන 15කි.
(ප.ව. 6.43 වනවිට)
කොරෝනා ආසාදිතයන් ගණන 420 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි

කොරෝනා ආසාදිතයන් ගණන 417 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි
ඒ අනුව අද දිනයේ වාර්තා වූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 49 ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධක කාර්යාංශය සඳහන් කරයි.

කොරෝනා ආසාදිතයන් ගණන 415 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි
(ප.ව 6.40 වන විට)
කොරෝනා ආසාදිත වු පුද්ගලයින් 46 දෙනකු පිළිබඳ අද තොරතුරු අනාවරණය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි.
ඒ අතර වැලිසර නාවික කඳවුරේ සෙබළුන් 30 දෙනකු සහ 11 දෙනකු නිරෝධායන මධ්‍යස්ථානවල හා නිවෙස්වල නිරෝධායනයට ලක්වෙමන් සිටි කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ පදිංචි පිරිසකි.
සවස 5 පමණ වන විට 373 ක් ආසාදිතයින්ගේ ගණනක් ලෙස පෙන්වා තිබුණද මේ වන විට එම සංඛ්‍යාව 414 ක් දක්වා ඉහළ ගොස් තිබේ .

COMMENTS
දවසේ ටෙස්ට් කරපු ගණනත් දැම්මා නම් දල අදහසක් ගන්න තිබුනා වෛරසයේ හැසිරීම ගැන..
දැන් චන්දය තියන්න බැහැනේ... !!!
බලන් කඩතුරා හැර දෑසේ ..
මොනවද මේ වෙන්නේ.
යුද්ධයක් හා වෛරසයක් අතර වෙනස නොදන්න ජනාධිපති කියලා අපි කිව්වම අපට එජාප ජේවිපී ලේබල් ගහලා සමහරු බැන්නා. අද මොකද වෙලා තියෙන්නේ?
අපිට චන්දෙ දාන්න මැතිවරණය තියන්න. පවිත්‍රාට අනුවනම් 19 වෙනිදායින් පස්සේ බය වෙන්න දෙයක් නෑ. එක්කෝ තාම 19 වෙනිදා ඇවිල්ලා නැතුව ඇති.
වහාම වෛද්‍ය විද්‍යාලවලට මහාචාර්යවරුන් හා විද්වතුන්ට ප‍්‍රධානත්වය දී මෙ වසංගතයෙන් රට බෙරාගන්න..
ඉස්සර එක බෝම්බෙන් 400 -500 මැරුණා.මේකෙන් 7යි . මොකට ඇදිරි නීතිය දානවද මන්දා ?
චීනයට ගොඩබිමින් දේශසීමාවක් පවා ඇති වියට්නාමය කොරෝනා පාලනය අතින් අපට වඩා බොහෝ ඉදිරියෙන් ඉන්නේ. අපට මොකද වුනේ? වැඩ කෙරුනද... වැඩ (අල) කෙරුනද?
ඇඩ‍්‍රස් නැහැ... මිනිස්සුන්ගේ නොසැලකිල්ලට දැන් බලාගන්න පුලුවන් වෙවි ඉස්සරහට
corona ඉක්මනට අඩුකරන්ඩ මගේ දෙවියනේ... අපිට ජුනි 20 ගිහිල්ල චන්දෙ දමන්න...
වෙන රටවල් වල ලොක් ඩවුන් කරාම ආසාධිතයන් අඩුවෙනවා. අපේ රටේ ඒකේ අනික් පැත්ත.
දොස්තර පාදෙණිය මහත්මයා ප්‍රකාශ කරලා තිබුන වැලිසර වගේ පොකුරු දහසක් හැදුනොත් රටේ සෞඛ්‍ය පද්ධතියට ඒක දරාගන්න බැරිවේවි කියලා....එහෙම වුනොත් ඉතාලියේ එංගලන්තෙට වැඩිය අපේ රටේ මරණ සිදුවේවි. චන්දයක් තිබුනම චන්දපලේ ඉන්න රාජ්‍ය නිලධාරියෝ කෙලින්ම 4000-5000 අතර චන්දදායකයන්ට කෙලින්ම නිරාවරණය වෙනවා. ආරක්ෂක හමුදා සාමාජිකයනුත් ඔවුන් සමග චන්දෙදි කටයුතු කරනවා. ඊට පස්සේ රාජ්‍ය නිලධාරීන්ගේ නැවත රාජකාරි කරනකොට දිනකට 100-300 අතර ජනතාවකට සේවය සලසන්න වෙනවා. සහෝදර නිලධාරීන් සමග රැස්වීම් වලට සහභාගී වෙනවා. එහෙම වුනොත් චන්දේ පවත්වලා මාසයක් යනකොට කොරෝනා ආසාධිතයයෝ ලක්ෂයක් විතර ලංකාවෙන් හමුවේවි. ඉන් 30000 ක් විතර මැරේව්. අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුවක් නැතිවුනොත් රට ඒකාධිපතිවාදයකට යන්න පුළුවන් හොදම දෙය චන්දය කල් දමල පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවීමයි. පාර්ලිමේන්තුව අලුතෙන් රැස්වෙන එක ස්වේච්ඡාවෙන් කරන දෙයක්. එමනිසා විශ්‍රාම වැටුප් වැනි දීමනා වලට එම කාලය අදාල නැහැ කියල පනතක් සම්මත කරගත්තම ඔය කියන විශ්‍රාම වැටුප් ප්‍රශ්නෙත් විසදේවි.
කොරෝනා පැතිරෙන එක නැවැත්තුවොත් ඒකේ අගය ආණ්ඩුවට. කොරෝනා පැතිරෙන එක වැඩි උනොත් ඒක මිනිස්සුන්ගේ වැරැද්ද.
අනුර ඔබගේ කතාව ඇත්ත , ඒකට හේතුව අපේ රට ලෝක ඩවුන් කරන ක්‍රමය , එකවර ඇදිරිනීතිය දමලා දින කිහිපයක් තබල නැවත පැය කිහිපයකට ඇරලා නැවත වහල දමනවා , එහෙම වුනහම මිනිස්සු එකපොදියට පෝලිම වල ඉඳගෙන බඩු ගැනීමට සහ නොයෙකුත් අවශ්‍යතා සදහා එක්රැස් වෙනකොට රෝගය බෝවීම සිදුවෙන්න පුළුවන්.
කොරෝනා වසංගතය වසන්තයක් කරගෙන චන්දෙ දිනන්න හිතපු මේ කාලකන්නි පාලකයෝ මගේ රට විනාශ කරනවා. ඒත් උන්ගෙම මුසා බස් වලට රැවටිලා උන්ටම කඩේ යන අලුගෝසුවන් ටිකකුත් ඉන්නවා.
460 නෙමෙයි... ලක්ෂ 460ක් වුණත් කම් නෑ... අපි ඡන්දෙට යමු. ආණ්ඩුවට දිනන්න පුළුවන්...
ලැජ්ජා බයට ඇති දැඩි වුණා කීකරු බලු කුක්කෙක් පවා දන්නවා "ලජ්ජා බීටියේ " තරම... එ්කනේ මේ ඇත්ත ඇතිසැටියෙන් ඇහෙද්දී, හොරිකඩ දෙකකුල් නැට්ටෙන් ගසා ඇඟේ වහගෙන සිටින හොරිකඩ කිනිතුල්ලන්ව හුරතල් කිරීමට සැරසෙන්නේ කොහොමද?