පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 22දෙනෙකු සුවය ලබා අද(23) රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඒ අනුව, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් 6දෙනෙකුද, වැලිකන්ද රෝහලෙන් 7දෙනෙකුද, කාත්තන්කුඩි රෝහලෙන් 7දෙනෙකුද, හෝමාගම මූලික රෝහලෙන් පුද්ගලයෙකුද, තෙල්දෙනිය මූලික රෝහලෙන් පුද්ගලයෙකුද මෙසේ සුවය ලබා පිටව ගොස් තිබේ.
අද දිනයේදී සුවය ලැබූ පිරිසත් සමඟ මේ දක්වා කොරෝනා වයිරසයෙන් සුවය ලැබූවන් සංඛ්‍යාව 1548 දක්වා ඉහළ ගොස් ඇත.
සුවය ලැබූ මෙම පිරිස අතර විදේශිකයන් කිසිවකු වාර්තා නොවන බවද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
කෙසේවෙතත් මේ වනවිටත් 392ක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති. අද උදෑසන 10.00 වනවිට රෝහල් ගතකර ඇති, කොරෝනා බවට සැක සහිත රෝගීන් 54දෙනෙකු සිටින බවද පවසයි.
කොරෝනා ආසාදනය වීමෙන් 11දෙනෙකු මියගොස් ඇත.
මේ වනවිට ලංකාවෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1951කි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
තවත් 22ක් සුවය ලබා ගෙදර යති