ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් ලොවපුරා වාර්තා වන මරණ සංඛ්‍යාව 4,53,000 ඉක්මවා ගොස් ඇත.
නව කොරෝනා වයිරස ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව අද (19) පස්වරු 5 වනවිට 4,53,721ක් යැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි.
ලොවපුරා නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත සංඛ්‍යාව 85,25,671ක් ලෙස අද පස්වරු වනවිට දැක්වුණු අතර වයිරසය ආසාදනය වී සුව වූ සංඛ්‍යාව 41,01,602ක් ලෙස දැක්විණි.
‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් තවමත් විශාල බලපෑමක් එල්ල වූ රට බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය යි.
රොයිටර්ස් පුවත් සේවයට අනුව ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 1,18,384ක් වන අතර එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 22,00,160කි.
දෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. බ්‍රසීලයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 9,78,142ක් වන අතර එරටින් වාර්තා වන මරණ ගණන 47,748කි.
රුසියාවෙන් කොරෝනා ආසාදිතයන් 5,69,063 දෙනකු අද පස්වරු වනවිට වාර්තා වූ අතර එරටින් වාර්තා වන මරණ ගණන 7,841කි.
රොයිටර්ස්
055
2025 දෙසැම්බර් මස 30
81
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
733
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
354
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව 4,53,000 ඉක්මවයි