හිරාන් ප්‍රියංකර ජයසිංහ
පුත්තලම තබ්බෝව යුද හමුදා කදවුරේ සේවය කරමින් සිටි කෝප්‍රල්වරයකු හා ඉන්දුනීසියාවේ සංචාරයක නිරත වු අයකු කොරෝනා රෝග ලක්ෂණ මතු කිරීමත් සමග ආරක්ෂීතව පුත්තලම මුලික රෝහලින් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත යැවීමට කටයුතු කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි .
යුද හමුදා කෝප්‍රල්වරයා තබ්බෝව කඳවුරේ සේවය කරමින් සිටියදී ඇතිවු අසනීප තත්වයත් සමග තබ්බෝව රෝහලට ඇතුළත් කර ඉන් පසුව පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර ඇති බව කියයි.
ඒ සමගම ඉන්දුනිසියාවේ හා තායිලන්තයේ සංචාරයක නිරත වි පැමින යම් රෝග ලක්ෂණ පෙන්නුම් කල පුත්තලම නගරයේ මුස්ලිම් ජාතිකයකු ද පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර තිබිණි.
මෙම දෙදෙනාම කෝවිඩ් 19 ( කොරෝනා ) රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමග රෝහල් ආරක්ෂීතව පුත්තලම මුලික රෝහලින් කුරුණැගල ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ .
මේ පිළිබදව කළ විමසීමේදි පුත්තලම රෝහල් අධ්‍යක්ෂ සුමිත් අත්තනායක මහතා පැවසුවේ මෙම දෙදෙනාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව යම් සැක සංකා මතු වීමත් සමග වහාම අදාල තත්වය තහවුරු කර ගැනීමට කුරුණෑගල යැවීමට කටයුතු කළ බවයි.
COMMENTS
අනිවාර්යයෙන්ම පිටරටින් එන සියලු දෙනාම රජයේ නිරෝධන මධ්‍යස්ථාන තුල නිරෝධනය කරන්න. එහෙම නැතුව නිරෝධායනය වෙන්න කියල ගෙදරනම් යවන්න එපා. වෙන්නේ විනාශයක්. අර පිටරට් හිරවෙලා ඉන්නවා කියන කණ්ඩායම් අනිවාර්යයෙන්ම සතියක් දෙකක් එහෙම ඉන්න අරින්න. මේ නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩකඩ ඉදිරියට රට තුළම ඉන්න පුද්ගලයෝ නිරෝධායනය කරන්න අවශ්‍ය වේවි.
ඔය දෙවෙනියට රෝහල්ගත්කරපු පුද්ගලයන් වැනි කට්ටිය ගැන මෙයිට වඩා සෙවිල්ලෙන් හිටියොත් හොඳයි , ඒ ගොල්ලෝ හැමතිස්සෙම රටරටවල් වලට යනවා , කියන කිසිම දෙයක් පිළිපදින්නේ නැහැ , පකිස්ථානෙත් 22 තිබ්බ රෝගීන් ගණන එක සතියකින් 1400 වෙලා තියෙන්නේ ඒ ගොල්ලන්ගේ අනුවන වැඩ නිසා තමයි
ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සෞඛ්‍ය ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජික/සාමාජිකා වන් ගැන ඉදිරියට අහෝ දෙවියනි! මෙවන් පුවත් නම් අසන්නට නොලැබේවා!!! ඔවුන් ත්‍රිවිධ රත්නත්‍රයේ ආශීර්වාදයෙන් නිඹඳව රෑකේවා!