බිමල් ශ්‍යාමන් ජයසිංහ
ඉරිදා(17) උදෑසන හයෙන් අවසන්වූ ගතවූ පැය 24ක කාලය තුළ ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් (620)ක් අත්අඩංගුවට ගෙන වාහන (274)ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
එසේම, කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ඉකුත් මාර්තු මස 20 වැනි දින සවස 6.00 සිට දිවයින පුරා පොලිස් ඇඳිරිනීතිය පැනවීමෙන් පසු ඉරිදා(17) උදෑසන 6.00 දක්වා අත්අඩංගුවටගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව පනස් හය දහස් තුන්සිය විසිහය(56326)ක් බවත්, පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව පහළොස්දහස් හාරසිය අනූව(15490)ක් බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසා සිටී.
තවද ඉකුත් මාර්තු 18 දින සිට ඉරිදා(17) උදෑසන 6 දක්වා ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීමට අදාල නඩුපැවරීම් හා දඩුවම් පැමිණවීම් සම්බන්ධව නඩු පැවරූ සංඛ්‍යාව දහතුන්දහස් පන්සිය පනස් හය(13556)ක් වන බවත්, නඩු පැවරීම් වලට අදාළව දඩුවම් නියම කරනලද සංඛ්‍යාව පන්දහස් දෙසිය විසිඑක(5221)ක් වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇඳිරිය කැඩූ 620 ක් අත්අඩංගුවට