(කාංචන කුමාර ආරියදාස)
ගොවි ජනතාවගේ ව්‍යාපාරිකයන්ගේ මෙන්ම රටේම ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම් දෙනතුරු වසා තැබීමට තීරණය කළ බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති ඡන්න ඇරෑවුල මහතා අද (07) පස්වරුවේ පැවසීය.
රටේ පවතින තත්ත්වය පිළිබඳව ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන විශාල ජනතාව සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකිරීම හේතුවෙන් සහ මෙම වෛරස් තත්ත්වය පැතිර යෑමේ දැඩි අවදානම පිළිබඳව බැසිල් රාජපක්ෂ මහතා සමගත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සමඟ වෙළෙඳ සංගමය දීර්ඝ වශයෙන් සාකච්ඡා කර මෙම තීරණයට එළඹි බව සභාපති චන්ද්‍ර මහතා පැවසීය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පසුගිය දින තුනේ සිට වසා දමා තිබුණු අතර 08 වන දින නැවත විවෘත කිරීමට නියමිතව තිබිණි .
කෙසේ වෙතත් ඇදිරි නීතිය ලිහිල් වූ අවස්ථාවේ ජනතාවගේ හැසිරීම සහ වෙනත් ආර්ථික මධ්‍යස්ථාන වල ජනතාව හැසිරුණු ආකාරය පිළිබඳවයි දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ගොවීන්ගේ ව්‍යාපාරිකයන්ගේ මෙන්ම ජනතාවගේ ආරක්ෂාව ගැන හිතා මෙම තීරණයට එළඹි බව ඒ මහතා සඳහන් කළේය.
ආර්ථික මධ්‍යස්ථානයට එළවළු සපයන ගොවීන්ගේ නිෂ්පාදන මධ්‍යස්ථාන ව්‍යාපාරිකයින් හරහා මිලදී ගෙන ඒවා දිවයින පුරා විසිරී සිටින ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා බෙදා හැරීමේ නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.
ඒ අනුව විශාල වශයෙන් ජනතාව එක්රැස් නොවීගොවි නිෂ්පාදන පාරිභෝගික ජනතාව අතරට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර මේ වන විටත් ගනිමින් තිබුණ බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.




COMMENTS
ආර්ථික මධ්‍යස්ථානය විතරක් වහල මදි. එයිට වඩා අවධානමක් තිබෙනවා ඇඳිරි නිතිය ඉවත් කලාට පසු එක එක පළාත් වල තිබෙන සති පොළවල් සහ මළු මාකට් වලින්. ඒ සියලු තැන් වහලා දාන්න අවශ්‍යයයි. නැත්නම් මේ කරපු කිසිම දෙයකින් තේරුමක් නැහැ.
මේ මිනිස්සුන්ට එච්චර උගත් කමක් නැහැ. ඒ හින්දම මේකේ "බර " තේරෙන්නේ නැහැ. ඒ හින්දා මොකක් හරි විකල්ප වැඩපිළිවෙලකට යන එක තමයි නුවණට හුරු.
මෙම ක්‍රියාව හැමදාම හොදයි. මාෆියාව නැති කරන්න පුළුවන්.
මෙහිදී ගොපලු න්‍යාය පාවිච්චි කළ යුතුයි.ගවයන් පාලනය කිරීම සඳහා ඔහු කෙවිට භාවිතා කරයි.
බැසිල්ට මොකක්ද තියෙන අමාරුව ?.එයා කවදාවත් රටේ සාමාන්‍ය මිනිසුන් වගේ පෝලිම් වල ගිහින් එළවලු ගන්නේ නැහැනේ.
ඔක්කොම වහනවා කිව්වම රටේ බොහෝ පළාත්වල ආහාර සැපයීම් පිලිබඳ ප්‍රශ්න මතුවෙනවා. මිනිසුන් ගෙවල් වලට සීමා කරන්න සහ සන්සුන් කරන්න අවම ආහාර ප්‍රමාණය නොකඩවා සපයන්න ඕනේ. තොග රැස් කරන්න හැමෝටම බැහැ. වහනවා කිව්වම පොඩි මිනිස්සු බය වෙලා තොග එකතු කරන්න පටන් ගත්තොත් මුලික අවශ්‍යතා සඳහා ඔවුන්ට මුදල් හිඟ වෙනවා වගේම භාණ්ඩ හිඟයත් වැඩි වෙනවා. කළු කඩ බෝවෙන්න පටන් ගන්නවා. පාලනය කළ හැකි විදියට මිලට ගෙන බෙදා හරින්න ඕනේ. තොග වෙළෙන්දන් පමණක් සැපයුම්කරු සමග කරන වෙළදාම සිදුවිය යුතුයි.
හැබැයි ඉතින් ගොවියන්ට නියම මිලක් ලැබේවිද? අතරමැදියන් මිල පාලනය අතට ගනීද? එලවලු මිල මිනිසුන්ට දරන්න බැරි වේවිද? රජයට මේ ගැනත් හොයා බලන්න වෙයි දැනටමත්... ගේන එලවලු මිල වැඩියි...
සතොස හා ප්‍රධාන ෆුඩ් සිටි දෙක ගොවියා ලගට ගිහින් අස්වැන්න අරගෙන සියලුම අලෙවි හල් වලට ගෙනත් විකුණුව නම් ඉවරයි .
මට තේරෙන්නේ නැහැ ලංකාවේ මිනිස්සු කොරෝනා වලට ඔච්චර බය ඇයි කියල .. මැරෙන්න බය හින්දද ? මොනවා තිබිලද මේ ගොඩක් මිනිස්සු මැරෙන්න බය? අච්චර සල්ලි තියෙන ඉතාලි ජාතිකයෝ වගේ ඉන්න බැරි ඇයි ? තාම ඉතාලි ජාතිකයෝ මේ ලෙඩේට බය නැහැ . කතාවට නම් කියන්නේ මැරෙන්න බය නැති කට්ටිය කියල ...
අනුර, ගොනෙක් උනාට කමක් නැහැ. රටට ඇහෙන්න උම්බෑ ගාන්න එපා.
අනුර, ගොනෙක් උනාට කමක් නැහැ. රටට ඇහෙන්ට උම්බෑ ගාන්න එපා.