(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , විවිධ රටවල ගුවන් තොටුපළ වල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් අතරින් 14 දෙනෙක් අද (12) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
ඔවුන් අතරින් 09 දෙනෙකු සිංගප්පූරු ගුවන් තොටුපළේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් වූ අතර , ඔවුන් ඊයේ දින රාත්‍රී 11.35 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
එසේම අද දින අලුයම 1.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම ගුවන් තොටුපළේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 05 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
COMMENTS
අපිවත් ගන්නෝ... ඉන්නෙ ඔමාන්වල...
ලංකා මාතාවගේ දරුවන් වන ඔබ සෑම සාදරයෙන් පිළිගන්නා අතර සෞඛ්‍ය නිලධාරීන්ගේ නියෝගවලට "විනීතව" අවනතවී ඒ රාජකාරිවලට සහයදී තමන්ගේ මෙන්ම අනිකාගේද ආරක්ෂාව වෙනුවෙන් තම පුරවැසි යුතුකම ඉටුකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
බොහොම හොඳයි. පිටරට වල ඉන්න සේරම ආයෙ ලංකාවට ගෙන්නලා කොරෝනා දෙවැනි රැල්ලකුත් ඇති කරන්න රටේ. ඊට් පස්සෙ මෙහෙ ඉන්න අහිංසක එදා වෙල හම්බකරන් කන අහිංසක මිනිස්සුයි දුක් විඳින්න ඕනි....
මේ වගේම අර ඩුබායි හිරවෙලා ඉන්න අයවත් ගෙන්න ගන්න වැඩ පිළිවෙලක් හැදුවොත් හොදයි.
දියවන්නාවේ තිබෙන අසුචි නිෂ්පාදනාගාරයේ සිටින රටේ මිනිස්සුන්ගේ ලේ බොන නරි රැලේ නෑදෑයන් මේ ප්ලේන්වල ඉන්නවානම් ගුවන් නියමුවන්ට මම ආයාචනය කරනවා..කරුණා කරලා ඒ අයව උඩදීම මුහුදට දමන්න. චුට්ටක්වත් පව් නැහැ.එය ඔබ ඔබටම කරගන්නා ප්‍රභලම කුසල කර්මයකි.