ජනතාව එක්රැස්වීම අඩු කිරීමටත් සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමටත් මත්පැන් නිවාසවලට අලෙවි කිරීම සලකා බලන්නැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය එරට ප්‍රාන්තවලට උපදෙස් දී ඇත.
මත්පැන් අලෙවිසල්වලින් සෘජුව මත්පැන් අලෙවි කිරීම නවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් මහජන සුබසාධන නඩුකරයක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව තිබිණි.
එය ප්‍රතික්ෂේප කළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මත්පැන් ‘‘නිවාසලට ගොස් අලෙවි කිරීම, වක්‍රාකාරව අලෙවි කිරීම’’ සම්බන්ධයෙන් සලකා බලන්නැයි ප්‍රාන්තවලට උපදෙස් දී ඇත.
අශෝක් බුෂාන්, සන්ජේ කිෂාන් කවුල් සහ බී.ආර්. ගවානී යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු විඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම විභාගයට ගත්හ. ඉන්දියාව මාර්තු මාසයේ සිට රටම වසා දැමීමේ ලොක්ඩවුන් සීමා පනවා ඇති අතර ඒවා අවසන් වන්නේ මැයි 17 වැනිදාය.

ඇතැම් නගරවල ලොක්ඩවුන් සීමා ඉවත් කිරීමට ඉන්දීය බලධාරීහු ඉකුත් දා පියවර ගත්හ. සීමා ඉවත් කිරීමත් සමඟ සුරාසල් ඉදිරිපිට දිගු පෝලීම් දක්නට ලැබිණි. පෝලීම්වල සිටි ජනතාව විසුරුවා හැරීම සඳහා පොලිසිය බැටන් පොලුවලින් ඔවුන්ට පහර දුන්නේය.
‘‘නිවාසවලට ගොස් මත්පැන් අලෙවි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් තිබෙනවා. ඒ ගැන අපි මොකද කරන්න ඕනෑ’’ යැයි විනිසුරු සන්ජේ කිෂාන් කවුල් විමසීය.
නිවාසවලට මත්පැන් බෙදාදීම සඳහා ඉන්දියාවේ නෛතික ප්‍රතිපාදන නොමැත. ඒවා වෙනස් කරන්නැයි ඉන්දියාවේ ස්ප්‍රීතු සහ මත්පැන් අලෙවි වෙළෙන්ඳන්ගේ අවධානය යොමු වී ඇත.
මත්පැන් අලෙවිසැල් ඉදිරිපිට සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ඉතා දුෂ්කර යැයි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනිසිටි නීතීඥ ජේ. සායි දීපාක් පැවැසීය.

‘‘මත්පැන් අලෙවියෙන් පොදු මහජනතාවට බලපෑමක් නොවිය යුතුයි. ඒ නිසා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් ප්‍රාන්තවල උපදෙස් මාලාවක් සහ පැහිදිලි කිරීමක් කළ යුතුයි. සුරාසල් නැවත විවෘත කළොත් ඒවා ඉස්සරහා මිනිස්සු පිරෙනවා’’ යැයි ද නීතීඥ සායි දීපාක් කීය.
වයිරසය පැතිර යෑම අඩු ‘‘තැඹිලි’’ සහ ‘‘හරිත’’ යනුවෙන් නම් කර තිබෙන කලාප හා ප්‍රදේශවල සුරාසල් පමණක් විවෘත කරන්නැයි ඉන්දීය ආණ්ඩුව උපදෙස් සී ඇත. ඊට අමතරව ආසාදිතයන් 15ට අඩුවෙන් වාර්තා වී ඇති ප්‍රදේශවල සුරාසල් අලෙවි කරන්නැයි ද ඉන්දීය ආණ්ඩුව උපදෙස් දී ඇත. ‘‘රතු’’ පැහැයෙන් නම් කර තිබෙන වයිරසය ශීඝ්‍රයෙන් පැතිර යන ප්‍රදේශවල කසියලු කඩසාප්පු වසා දමන්නැයි ද ඉන්දීය ආණ්ඩුව නියෝග කර ඇත.
වයිරසය පැතිර යෑම අඩු ප්‍රදේශවල කඩසාප්පු විවෘත කර ඇත්තේ සමාජ දුරස්ථභාවය පිළිපැදිය යුතු අතර කඩසාප්පු ඉදිරිපිට සිටිය හැකි උපරිම ගණන පහකි.
නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)
ඡායාරූප - ඒ.එෆ්.පී.
055

COMMENTS
අපටනම් ගෙදරටම ගෙනත් දෙන්න ඕනේ නැහැ. බාර් ටික ඇරියාහම ඇති.
"අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ "
මේ වගේ ක්‍රමයක් මෙහෙත් වුණා නම් හොඳයි කියන එක තමයි මගේ අදහස.. එතකොට යූ ටියුබ් එකෙන් බලලා මිනිස්සු කසිප්පු ගෙදර පෙරන්නේවත්, මේ තරමට කසිප්පු අල්ලන්න යන පොලීසියේ කාලය ප්‍රයෝජනවත් දේකට යොදවන්න පුළුවන් අනික් දේ තමයි "බොන "හුඟක් දෙනෙක් දැන් කියන කතාවක් තමයි මලත්මේ ආණ්ඩුවට නම් චන්දෙ දෙන්නේ නැහැ කියල ! එ්කත් සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් නොවැ..!
ලංකාවෙත් පටන් ගනීද? මේ තමයි කාන්තාවන්ට තමන්ගේ ශක්තිය පෙන්වන්න හොඳම අවස්ථාව. ආණ්ඩුව ආයේ සුරාසල් ඇරියොත් හෝ ගෙදරට ගෙනත් පොවන්න හැදුවොත් ඡන්දෙ දෙන්න එපා. එච්චරයි. සුරාසල් වහලා තිබිලා ඇරියට පස්සේ ගෘහාශ්‍රිත මිනීමැරුම් සිද්ධ වෙලා තියෙනවා. සුරා සොඬුන් නිසා කාන්තාවන් කොතරම් මානසික, ශාරීරික පීඩනවලට පත්වෙලා තියෙනවද කිව්වොත්, බිරියන් සැමියන් මරපු අවස්ථා දෙකක් සුරාසල් නැවත විවෘත කරපු ඒ දවසට සිද්ධ වෙලා තිබුණා. කොරෝනා උගන්නපු පාඩම ආණ්ඩුව ඉගෙනගෙන නැහැ. "සුර" කියන්නේ සංස්කෘත වචනයක්. තේරුම් කිහිපයක් තියෙනවා, ආයුර්වේදයේ එකක්, නක්ෂස්ත්‍ර වල එකක්. තව නමක් විදිහටත්. ශිව පුරාණය අනුව "සුර" - කියන්නේ බ්‍රහ්මය මවපු දේව කණ්ඩායම. හින්දූන් රාම අයිති එතෙන්ට. ඔවුන්ගේ පානය සුරා - ආත්මීය පානයක්. කොරෝනා එක්ක එන්නේ "අසුරයන්ගේ" කාලේ. "අසුරයන්" කියන්නේ දෙවියන්ට වඩා බලවත්, "සුර සහ සුරා" දෙකම ප්‍රතික්ෂේප කරපු අධ්‍යාත්මික බලයක් තිබ්බ ශක්‍ර දෙවියන් මවපු පිරිස... රාවණා රජුගේ, මහාසේන රජුගේ කණ්ඩායම. අසුරයන් දශරාජ ධර්මයෙන් රජ කළා. පින්දහම් කළා. අහාරය කිරිබත්. දැන් සුරයන්ගේ කාලේ ඉවරයි. බලන්න බොරු නම්... දේවාල වැහුණා. සුරාසල් වැහුණා.
අන්න නඩුකාර හාමුදුරුවන් කියන්නේ මේ වගේ අයට තමයි...
ඔන්න රට ඉදිරියට ගෙනයන නායකයෝ. මෙහෙ විජ්ජා විතරයි, සිල්ලර බඩු ගන්නවත් සලස්සලා දෙන්න බෑ...
බොන කාලකන්නි කොහෙන් හරී කසිප්පු හොයාගෙන බොයි. ඒවා හින්ද ලෙඩ වුනාම රටේ හිඟන බදු වලින් උන්ට බෙහෙත් දෙනවට වඩා බාර් ඇරලා ලයිසන් අරක්කු දුන්නම අඩු ගන්නේ ආණ්ඩුවට බදුවත් හම්බවෙයි.
ජීවත්වෙනකොට මත්පැන් අවශ්‍යමද? කවුරු කවුරුත් නැවත සිතාබලන්න කාලය ඇවිත් ඇත.
බාර් අයිතිකාරයෝ කවුද? ඔක්කොම වගේ අය දේශපාලුවෝනේ! මුළු සංහතියටම වැඩි වැඩියෙන් බොන්න පුරුදු කරපු ඔය කාලකන්නින්ට තමයි අපේ අයියලා ආවඩන්නේ! විකුණන අය, නිෂ්පාදනේ කරන අය.. අති ගරු උත්තමයන්ද?
සියලුම පාප කර්මයන්ට මුල මත්පැන් පානයයි. එමනිසා ඊට තදින් විරුද්ධ විය යුතුයි....
රට ගැන අවංක හැඟීමක් ඇති නායකයෙක් ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරනවා... එතකොට ඔය ප්‍රශ්න නැහැ...
ඉන්දියාවේ පාලකයන් බුදුවෙන්න ඕන. අපේ ඈයෝ කුරුසේ ඇණ ගහන්න ඕන.