(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
නිරෝධායන කටයුතු අවසන් කළ පුද්ගලයන් 321දෙනෙකු හෙට(31) දිනයේදී නිරෝධායන මධ්‍යස්ථානවලින් නිවාස බලා පිටත්ව යාමට නියමිත බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද(30) පැවසීය.
ඒ අනුව, හෙට දිනයේදී නිරෝධායන කටයුතු අවසන් කළ 104දෙනෙකු පෙරයකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන්ද, තවත් පුද්ගලයන් 11දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන්ද, ඉතිරි 206දෙනා ගුවන් හමුදාව විසින් සම්බන්ධීකරණය කරනු ලබව පුරවාසකුලම් නිරෝධායන මධ්‍යස්ථානයෙන්ද පිටත්වයාමට නියමිත බවද ඒ මහතා සඳහන් කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ, රාජගිරියේ, කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී අද(30) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
COMMENTS
ඔබතුමන්ලා කරන සේවය ඉතාමත් අගනේය. ඇඳිරි නීතිය නිසා පීඩාවට පත් ජනතාවට අඩුම තරමේ පිසූ ආහාර වත් බෙදා දීමට ක්‍රමවේදයක් සකසන මෙන්ද මුදල් ඇති අයට අවශය තරම් ආහාර හා විශේෂයෙන් කුඩා දරුවන්ට අවශය නැපි, සබන්, සනීපාරක්ෂක ද්‍රවය ලබා දෙන වැඩපිළිවෙලක් ද සැකසුවොත් හොඳයි. කාර්ය සාධක බලකායට මේක කර ගන්නට නොහැකියි. සතොසට ඉල්ලුමට තරම් සැපයුම දෙන්න අමාරුයි සීමිත කාලයකින්.
ඔබගේ කථාව ඉතා නිවැරදි... මුලින් ජනාධිපතිතුමා කිවේ ගත්තේ හමුදාවේ අයයි. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අයයි ඉහළ දොස්තර මහත්තුරුයි... වැඩේ හොඳට කෙරුණ දැන් මට හිතෙන්නෙත් ටිකක් අවුල් වගේ ඒත් ජනාධිපති තුමා එහෙම වෙන්න දෙනකක් නැ කියල මා හිතනවා...
මම හිතන්නේ මේ වැඩ අපේ රටේ (සිව් හෙළයේ විරුවන්) පොලිස්, යුද, ගුවන්, නාවික,යන අංශ වලට භාර දුන්නා නම් හොඳයි කියලා.