IMG-LOGO

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා


කුවේටයෙන් ගෙන්වූ අයට එරට රජයෙන් පී.ආර්.සී පරීක්ෂණ පවත්වලා නැහැ

( තිළිණි ද සිල්වා )

කුවේට් රාජ්‍යයෙන් ඉකුත්දා මෙරටට ගෙන්වා ගත් ලාංකිකයින් 466 දෙනා එරටින් පිටත්ව යාමට පෙර,පීසීආර් පරීක්ෂණ සිදු කරන ලෙස  එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළද එය කළ නොහැකි බවට එම අමාත්‍යාංශය  කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී තිබුනේ යැයි විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.

ඉකුත් මැයි 11 සහ 14 යන දිනැති රාජ්‍ය තාන්ත්‍රික සටහන් මගින්, නැවත මෙරටට ගෙන්වා ගන්නා පුද්ගලයින් සඳහා පීසීආර් පරීක්ෂණ සිදු කරන ලෙස ශ්‍රී ලංකා තානාපති කාර්ට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇතැත් , එය  සිදු කළ නොහැකි බවත්, කොවිඩ් වෛරස රෝග ලක්ෂණ සහිත කිසිදු මගියෙකුට ගුවන් යානයට ඇතුළුවීමට අවස්ථාව ලබා නොදෙන බවත් කුවේට් විදේශ අමාත්‍යාංශය එම රාජ්‍යතාන්ත්‍රික සටහන් වලට පිලිතුරු ලෙසික් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත එහිදී දන්වා ඇතැයි එම අමාත්‍යාංශය කියා සිටී.

කුවේට්  රාජ්‍යයෙන් පිටත්ව යන, වෙනත් රටවලින් පැමිණි කිසිවෙකු සඳහා පීසීආර් පරීක්ෂණ සිදු කර නොමැති බවද එහිදී ප්‍රකාශ කර තිබුනේ යැයිද විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එලෙස කුවේටයෙන් පැමිණි 466 දෙනාගෙන් 379 දෙනෙකු එරට පොදු සමා කාලයෙහි ප්‍රතිලාභ ලබා අප්‍රේල් 21 - 25 දක්වා කාලය තුළ කඳවුරුවල සිටි සහ නැවත මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂාවෙන් සිටි තැනැත්තන් බවද එම අමාත්‍යාංශය කියා සිටී.

ඉන් 87 දෙනෙක් කුවේට් රාජ්‍යයෙහි රැඳවුම් මධ්‍යස්ථාන සහ බන්ධනාගාරවල සිටි තැනැත්තන් වන බවත් ඔවුන් මැයි 19 වන දින ‘කුවේට් එයාර්වේස්’ට අයත් ගුවන් යානා දෙකකින් දිවයිනට පැමිණි බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දේ 

කොවිඩ් කාර්ය සාධක බලකායේ ඉල්ලීම පරිදි, මැදපෙරදිග සහ නැවත ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් සැලසුම් කර ඇති අනෙකුත් අගනගරයන්හි කාර්යාල සම්බන්ධ කර ගනිමින් ගුවන් ගමන් ආරම්භයට පෙර පීසීආර් (PCR)  පරීක්ෂණ සිදු කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ද විදේශ සබඳතා අමාත්‍යාංශය කරුණු විමසා බලා තිබෙන නමුත් මේ වන විට එම බොහෝ ස්ථානවල පවතින සීමිත පහසුකම් හේතුවෙන් පීසීආර් (PCR) පරීක්ෂාව සිදු කර ගැනීමේ අවස්ථාව හිමිව ඇත්තේ බරපතල රෝග ලක්ෂණ පෙන්නුම් කරන තැනැත්තන්හට පමණක් බව ද විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.



අදහස් (5)

කුවේටයෙන් ගෙන්වූ අයට එරට රජයෙන් පී.ආර්.සී පරීක්ෂණ පවත්වලා නැහැ

Sanath Kandy Sunday, 31 May 2020 07:49 AM

මේ අයව ගිය මාසෙම ගෙන්වා ගත්තා නම් මෙහෙම වෙන්නේ නැහැ. ප්‍රමුඛත්වය දුන්නේ එංගලන්තේ ඕස්ට්‍රේලියාවේ හිටපු ලොකු ලොක්කන්ගේ දු දරුවෝ ටික ගෙන්න ගන්නනේ.

:       237       80

saman Sunday, 31 May 2020 08:18 AM

PCR පරීක්ෂණයක් වත් කරලා එවන්න තරම් වත් සල්ලි නැද්ද? අපේ රටේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් එලියට යන හැමෝම PCR කරලයි එලියට දාන්නේ... මේ වගේ හිඟන රටවලට මොකට රස්සාවට යනවද?

:       66       45

Prabha Sunday, 31 May 2020 08:36 AM

එතකොට ජනාධිපති බොරුවක්නේ කියලා තියෙන්නේ.එයාට පඩි ගෙවන්නේ ලංකා රජයෙන්ද එහෙමත් නැත්නම් ඒ රටින්ද?

:       127       0

ප්‍රමෝද් Sunday, 31 May 2020 09:29 AM

සමාවත් දීලා, බන්ධනාගාරවලින් එලවලා පිටුවහල් කරන හොරුන්ට තවත් කාලය නාස්ති කරන්න යන්නේ කවුද?

:       95       107

රවින් Sunday, 31 May 2020 09:52 AM

ඉහත පුවත හොඳින් තේරුම් ගන්න. මෙම උදවියගෙන් 379 දෙනෙකුම නීතිවිරෝධී ලෙස එරට රැඳීසිටි අයවලුන්... මනුෂ්‍යත්වයේ නාමයෙන් මූලික සෞඛ්‍ය අවශ්‍යතාවයන් මිස වැඩිදුර පහසුකම් සපයා තව තව මුදල් වියදම්කර එරට මහජන මුදල් නාස්ති කරාවිද? අපේ දේශපාලුවන් නම් කොමිස් එක ගන්න ඕනෑම ජරා වැඩක් කළාට එහෙත් එහෙම වේවිද?

:       144       132

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 607 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 815 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 351 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site