
අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (28) මිලියන 6 ඉක්මවා ගියේය.
ලොව දෙවැනියට වැඩිම වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන රට වන්නේ ද අසල්වැසි ඉන්දියාව ය. ඇමෙරිකාව එහි මුල් තැන ද බ්‍රසීලය එහි තෙවැනි තැන ද පසුවෙයි.
ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව සඳුදා, එනම් අද (28) පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී කොරෝනා වයිරස ආසාදිතයන් 82,170 දෙනකු හඳුනාගෙන ඇත. ඒ අනුව එරටින් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 60,74,703ක් දක්වා ඉහළ ගියේය.
අවසන් පැය 24 දී මරණ 1,039ක් වාර්තා වූ අතර ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත වයිරස ආසාදිත මරණ ගණන 95,542ක් ලෙස දැක්විණි.
(එන්.ඩී.ටීවී.)
055

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.