
ෆින්ලන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ එරට අග්‍රාමාත්‍ය සනා මරීන් ස්වයං-නිරෝධායනයට යොමු වී ඇත.
යුරෝපා කවුන්සිලයේ හමුවකට ද ඇය සහභාගී වී සිට ඇති අතර අගමැතිනිය එම හමුවෙන් ද නික්ම ගොස් ඇත.
‘‘අග්‍රාමාත්‍යවරිය යුරෝපා කවුන්සිල රැස්වීමෙන් ඉවත් වුණා. ෆින්ලන්තය වෙනුවෙන් ස්වීඩන අග්‍රාමාත්‍ය ස්ටෙෆාන් ලෝවන් ෆින්ලන්තය නියෝජනය කරනවා’’ යැයි ෆින්ලන්ත රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය නැවත සිය රට බලා පිටත්ව ගොස් ඇති අතර ඇය කොරෝනා වයිරස පරීක්ෂණයකට මුහුණ දීමෙන් පසුව හෙල්සින්කි හිටි පිහිටි අග්‍රාමාත්‍ය නිවසේ ස්වයං නිරෝධායනයට යොමු වන බව ද අදාළ නිවේදනයේ දැක්විණි.
ෆින්ලන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ටොම් පැකලෙන්ට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි අද (16) වාර්තා විය. ඒ අනුව පූර්ව සෞඛ්‍යාරක්ෂිත පියරවක් ලෙස අග්‍රාමාත්‍යවරිය මෙලෙස ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබේ.
එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරිය දළ එරට පාර්ලිමේන්තුවේ පැවැති ඒකාබද්ධ රැස්වීමට සහභාගී වී ඇත.
සිය කාර්ය මණ්ඩලයේ සාමාජිකයකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමඟ යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලියේන් ද ඉකුත් දා ස්වයං නිරෝධායනයට යොමු වූවා ය. ඇය එලෙස ස්වයං නිරෝධායනයට යොමු වීමෙන් දිනකට පසු ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය මෙලෙස ස්වයං නිරෝධායනයට යොමු කෙරුණි.
ස්වයං නිරෝධායනයට යොමු ව සිටින පෝලන්ත අග්‍රාමාත්‍ය මාටියෙස් මොරවියෙස්කිට යුරෝපා කවුන්සිල හමුවට සහභාගී වීමට නොහැකි විය.
යුරෝපය නව කොරෝනා වයිරසයෙන් බැට කන මොහොතක පුද්ගලයන් ගෙන්වා ගනිමින් මේ ආකාරයෙන් මෙම හමුව පැවැත්වීම සම්බන්ධයෙන් ඩෙන්මාර්ක අග්‍රාමත්‍ය මැට ෆ්‍රෙඩරික්සන් සිය විරෝධය පළ කර තිබිණි.
‘‘මේ හමුව විඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වන්න තිබුණා’’ යැයි බ්‍රසල්ස් නුවරට පැමිණීමෙන් පසුව ඩෙන්මාර්ක අග්‍රාමාත්‍යවරිය පැවැසුවාය.
ඒ.එෆ්.පී.
055
2025 නොවැම්බර් මස 04
714
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2383
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1748
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය ස්වයං-නිරෝධායනයට