IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


හලාවතින් කොළඹ ආ කෝච්චියේ 8 දෙනයි

හිරාන් ප්‍රියංකර ජයසිංහ

හලාවත දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා ගමන් ගත් බංගදෙනිය කාර්යාල දුම්රියට මගින් 8 දෙනෙකු පමණක් සිටි බව කියයි.

කොරෝනා තත්වය හමුවේ මාස දෙකකට ආසන්න කාලයක් සම්පුර්ණයෙන් නැවති තිබු දුම්රිය ගමනාගමනය අද (11) දින උදෑසන 5.30 ට පිටත් විම සිදුව තිබුනී.

මෙම බංගදෙනිය කාර්යාල දුම්රිය සාමානයෙන් පුත්තලම දුම්රිය ස්ථානයෙන් පිටත් විම සිදුවන නමුත් කොරෝනා තත්වය හමුවේ හලාවත නගරයේ සිට අද ගමන් කරවිමට දුම්රිය දෙපාර්තුමේන්තුව කටයුතු කර ඇත.

අනුමත ලත් දුම්රිය මගින් පිරිසක් පමණක් රැගෙන යාම සිදුකර තිබු අතර ඒ සදහා හලාවත දුම්රිය ස්ථානයෙන් දුම්රියට අවසර ලැබි තිබුනේ මගින් 8 දෙනෙකුට පමණි.

වෙනදා 100 කට වැඩි පිරිසක් මෙම ස්ථානයෙන් දුම්රියන් ගමන් කිරිමට රැදි සිටිනු දැක ගත හැකි ව තිබුනී.

දුම්රිය ගමන් කිරිමට ප්‍රථම යුධ හමුදාවේ විශේෂ පරික්ෂාවකින් පසුව මගින් ඇතුලත් කර ගැනිම සිදු කෙරිණි.

ඒ සමගම දුම්රියට යුධ හමුදා ආරක්ෂාවද සපයා තිබුනී.


 



අදහස් (4)

හලාවතින් කොළඹ ආ කෝච්චියේ 8 දෙනයි

Prasad Monday, 11 May 2020 07:13 AM

පිස්සුද තමයි, කොරෝනා නිසා ගෙදරට වෙලා ඉන්නේ නැතිව රටෙ ජාතික ධනය නැතිකරගෙන වැඩට එනවා...

:       1       41

Vipul Monday, 11 May 2020 08:21 AM

මේව ඉතින් කෝච්චියෙ යන්නෙ නැති අය තමා ගෙවන්නෙ...

:       0       30

Kamal Koyrala Monday, 11 May 2020 08:25 AM

සාටක උප්පරවැට්ටිවලට මහජනතාව දැන් රුවටෙන්නේ නැහැ...

:       4       22

chandanaMonday, 11 May 2020 05:48 PM

අද 8 යි. හෙට 12 යි, අනිද්දා 16 ක් වෙයි මිනිස්සු මේකට හුරුවෙයි. අපේ රටෙත් දුමිරිය ගමන් සඳහා නවීන ක්‍රම භාවිතා කිරීමට හුරුවෙයි. දවසින් දවස මේක වර්ධනය වෙයි. හැබැයි අද අටයි කියලා හිතලා හෙට නැවැත්තුවොත් මිනිස්සු එන්නෙ නැතුව ඉදියි. කවදාවත් පටන් ගන්න බැරිවෙයි. මේ ආණ්ඩුවේ තියෙන විශේෂත්වය ඒකයි. ගන්නා තීරණ කාලීනයි. දේශීයයි. ජනහිතකාමියි. ටික ටික අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න බලමු. බොරුම අහල අහලා රැවටිලා හොට ඇන ගත්ත රටක බහුතර ජනතාව තමන් රැවටුනු බව තේරුම් අරගෙන නැවතත් අති බහුතරයනින් සාටකය තෝරා ගත්තේ සාටකය විශ්වාස නිසයි. ඒ නිසා කකුලෙන් ඇදලා වෙට්ටු දාලා බාධා කරන්නෙ නැතුව ඉමු..

:       27       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 100 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 20 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site