IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


හමුදා නිලධාරීන් කැඳවීමේදී නිසි පියවර අනුගමනය නොකළොත් ගැටලු මතුවිය හැකියි

(ඩයනා උදයංගනී)

නිවාඩු ලබා නිවෙස්වලට ගොස් සිටින ත‍්‍රිවිධ හමුදා සාමාජිකයින් යළි සේවයට ගෙන්වීමේදී නිසි තාක්‍ෂණික ක‍්‍රමවේද අනුගමනය නොකළහොත් ගැටලූව තවත් උග‍්‍ර විය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මෙම කි‍්‍රයාවලියේදී සිදුවිය හැකි සුළු හෝ අතපසුවීමකින් ගැටලූ රැසක් මතුවිය හැකි බව එම සංගමයේ ලේකම් බී.එම්.එම් බාලසූරිය මහතා පැවසීය.

රට තුළ පවතින තත්ත්වය අනුව ඇදිරිනීතිය ලිහිල් කිරීම ද සුදුසු නැතැයි කී ලේකම්වරයා එසේ කළහොත් ආසාදිතයින් හමුවූ ගම්මාන සාමාන්‍ය සමාජයට විවරවිය හැකි බවද සඳහන් කළේය.

මේ වන විට ත‍්‍රිවිධ හමුදා සාමාජිකයින් කඳවුරුවලට කැඳවීම නිසා නිවෙස්වල නිරෝධායනය කර සිටි ආරක්‍ෂක අංශ සාමාජිකයින් ද කඳවුරු වෙත ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි කී බාලසූරිය මහතා එසේ කඳවුරු කරා ගිය පිරිස්වෙත ප‍්‍රමාණවත් තරම් ප‍්‍රවාහන පහසුකම් ලැබී නැතැයි ද කීවේය.

නිරෝධායන නියෝගයක් පනවා තිබියදී නීරෝධායනය කල අය වහාම සේවයට වාර්තා කරවීම තුලින් නීරෝධායන නීති කඩ කිරීමක් සිදුවන බව ද හෙතෙම සඳහන් කළේය.

විශේෂයෙන්ම දැනට කදවුරු වෙත කැදවා ඇති සෙබලූන් සදහා පුද්ගලික දුරස්ථකරණය ආරක්ෂා කර ගනිමින් ගමන් ගැනීමට හැකි පරිදි ප‍්‍රමාණවත් ප‍්‍රවාහන පහසුකම් සපයා තිබේද?, යලිත් ඔවුන් කුමන හෝ රථයක එල්ලී කදවුරු තුලට පැමිණිය හොත් එම රථයේ අය සහ කදවුර අවදානමක නොහෙලෙන්නේද? ආදී කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව ද ඔහු පැවසීය.

වයිරසය ආසාදනය නොවූ බව තහවුරු වූ නිළධාරීන් නැවත කඳවුරුවලදී සැක සහිත අය සමග එකතු වීමෙන් වළක්වා ගත යුතු බවත්, දැනට නිවෙස් තුල නීරෝධායනය කර ඇති ආරක්‍ෂක අංශ සාමාජිකයින් නිවෙස්වලින් පිටව ගියහොත් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ නීරෝධායන ක‍්‍රියාවලිය දිගින් දිගටම කරගෙනයාම කළ යුතු පවත් ලේකම්වරයා කීවේය.

 



අදහස් (8)

හමුදා නිලධාරීන් කැඳවීමේදී නිසි පියවර අනුගමනය නොකළොත් ගැටලු මතුවිය හැකියි

Seenevii Monday, 27 April 2020 10:48 AM

දුරස්ථ භාවය ගැන මම දැක්ක දෙය, ගාල්ලෙ සුධර්මා ඉස්කෝලෙ ළඟ CTB බස් දෙකක හමුදා සාමාජිකයන් හිටිය. සීට් එකේ දෙන්න බැගින් හිටිය. කොහොම වෙතත් හමුදාවට මෙ වෙච්ච දෙය කණගාටුයි...

:       36       99

samantha Monday, 27 April 2020 11:06 AM

දැන් මේ අයට ප්‍රශ්නය ආරක්ෂක අංශ විතරක් වගේ කතාව තව ටික දවසකින් දොස්තරලත් කොරොනා වැළදුනොත් මොකද කරන්නේ...? අනෙක් එක ආරක්ෂක නිලධාරීන් ගෙන්වා ගන්නේ නිසි ක්‍රමයකට බව යුධ හමුදාපතිතුමා කිව්වා නේද? දැන් හැමෝම විකාර කියවනවා.

:       149       149

ලියනගේ Monday, 27 April 2020 12:21 PM

හමුදාපතිවරයා ත‍්‍රිවිධ හමුදා සාමාජිකයින් කඳවුරුවලට කැඳවීම පෙර ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සමග සාකච්චා කොට ගත යුතුව තිබු තීරණයකි. නිවෙස්වල නිරෝධයනයට ලක් කල නිලධාරීන් නැවත ගෙන්වීමට විධානයෙන් කළහැකි උවත් එය කළයුතුව වන්නේ සාමුහික තීරණයකින් පසුව වේ.

:       43       63

SAMAN Monday, 27 April 2020 11:50 AM

අස්සයා ගියාට පසු ඉස්තාලය වැසීමෙන් ඵලය කිම...

:       19       77

rasika Monday, 27 April 2020 01:33 PM

වාහන තුන හතරක නැග නිවාඩුවට ගෙදර ගිහින් නැවත වාර්තා කරන්නෙත් ඒ විදියට නම් ප්‍රශ්නය දරුණු වෙයි.

:       33       27

de silva Monday, 27 April 2020 02:12 PM

මම මේ ප්‍රශ්නය යොමු කරන්නේ අනිල් ජාසිංහ දොස්තර මහත්මයට හෙට ඇදිරිනීතිය නොමැති නිසා උසාවි වල සාමාන්‍ය විදිහට ඉඩම් නඩු , අපරාද නඩු වැනි විවිධ නඩු වර්ග විනිශ්චය කිරීම දිවයිනේ බොහෝ ප්‍රදේශවල සමානය පරිදි සිදු කෙරෙනවා. මෙම නඩුවලට පොලිස් නිලධාරීන් , ආරක්ෂක හමුදා සාමජිකයන් ඇතුළු විශාල ප්‍රමාණයක් රැස් වෙනවා 400-1000 අතර ජනකායක් එකම ශාලාවක රැස්වෙනවා... මම දන්නා තරමින් ජනතාව අතර දුරස්ථභාවය රැකීම වැනි පියවරක් ගන්න එක අපගේ විවුර්ත අධිකරණ තුල කරන්න බැහැ. මෙහි අවධානමක් නැද්ද? මෙම තත්වය බස් එකක යනවට වැඩිය භයානක නැද්ද?

:       45       28

de silva Monday, 27 April 2020 02:29 PM

දැන් වැඩේ අනාගෙන තිබෙන්නේ ප්‍රතිපල තව දින 5-12 අතර කාලයකදී දැකගත හැක. තව සතියක් දෙකක වෛද්‍ය උපදෙස් පිළිපැදල ඉවසල ඉන්නේ නැතුව ලංකාවේ සමහර ප්‍රදේශවල ඇදිරිනීතිය එකවර විශාල වශයෙන් ලිහිල් කලා... උසාවි වැනි ජනතාව රස වෙන ස්ථාන විවුර්ත කලා, දැනං ඔක්කොම වතුරේ වගේ පේන්නේ, කොරෝන රෝගීන් සංඛ්‍යාව දින කිහිපයක් තුල එකවර 250 -300 පමණ වැඩි වුණා...

:       25       14

lalithm Monday, 27 April 2020 06:41 PM

ඉහල අය බල අරගලයක. තුනෙන් දෙකට ආසාවේ හැම දෙයක්ම විනාශ කරනවා. බහුතරයක් පින් බත් කන්නන් රු. 5000/= කට යටත් කර ගත්ත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31633 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14055 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1106 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site