IMG-LOGO

හත් දෙනෙකුට කොරෝනා යයි ශ්‍රී ලාංකිකයන් 44 ක් රැකියාවෙන් දොට්ට

( තිළිණි ද සිල්වා )

රුමේනියාවේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකුට කොරෝනා වයිරසය  ආසාදනය වී ඇති බවත්  , එම වයිරස පැතරීයාමේ අවදානම හේතුවෙන්  එම හත්දෙනා ඇතුළු එහි  සේවය කරන තවත් ලාංකිකයින් 44 දෙනෙකු කම්හලේ රැකියා වලින් ඉවත් කිරීමේ සිද්ධියක්  එරට තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී.
 
රුමේනියාවේ බොටොසානි ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කම්හලක සේවය කරන ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකුට මෙලෙස වයිරසය ආසාදනය වී ඇති බව  පැවසේ.
 
ඇගලුම් කම්හ‍ලේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් 44 දෙනෙකු සේවයෙන් ඉවත් කර ඇති අතර එලෙස ඉවත් කළ පිරිසෙන් 7 දෙනෙකුට මෙම වයිරස ආසාදනය වී ඇති බවද සදහන්වේ.
 
සේවයට වාර්තා නොකිරීමේ චෝදනාව මත අදාල සේවකයින් සිය ආයතනයෙන් ඉවත් කර ඇති බව ඇගලුම් කම්හලේ බලධාරීන් ප්‍රකාශ කළ බවද තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
 
රුමේනියාව තුළ පැතිර යන කොරෝනා වයිරසය ව්‍යාප්තියට බියෙන් අදාල ශ්‍රී ලාංකිකයින් පිරිස සේවයට වාර්තා කර නොමැති බව කම්හල් නිලධාරීන් සදහන් කර ඇතැයිද එම ආරංචි මාර්ග වලින් වැඩිදුරටත් පැවසේ.
 
කෙසේවෙතත් එම ලාංකික 44 දෙනා සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් එරට දේශීය කම්කරු පරීක්ෂක කාර්යාලය විසින් විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව සදහන් වේ.
 
ශ්‍රී ලාංකික සේවකයින්ට ද රුමේනියානු ජාතිකයින්ට හා සමාන අයිතිවාසිකම් ඇති බැවින් සේවයෙන් ඉවත් කිරීම පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදුකරන බව රුමේනියානු කම්කරු පරීක්ෂක කාර්යාලය සඳහන් කරන බවද රූමේනියා තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී.



අදහස් (2)

හත් දෙනෙකුට කොරෝනා යයි ශ්‍රී ලාංකිකයන් 44 ක් රැකියාවෙන් දොට්ට

ravi Sunday, 10 May 2020 10:14 AM

මේ වෙනුවෙන් රුමේනියාවේ තානාපති ක්‍රියාකාරී විය යුතුයි. මේක තාම කිසිම රටක සිද්ද නොවුණු දෙයක්.. අපි බලමු දැන් කොහොමද මෙයාලා මේ වරද නිවැරදි කරගන්නේ කියලා...?

:       0       0

saman Sunday, 10 May 2020 12:29 PM

රුමේනියාව කියන්නේ යුරෝප් සංවිධානයට පසුව එකතුවුණු ඉතාමත්ම දුප්පත් රටක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 40 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 13 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 664 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site