(රංජිත් රාජපක්ෂ)
පෑලියගොඩ මත්ස්‍ය වෙලදපොළෙන් හැටන් නගරයට මත්ස්‍යයින් රැගෙනවිත් අලෙවි කළ මත්ස්‍ය වෙළෙන්දෙකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණයෙන් තහවුරු විමත් සමග හැටන් මහජන වෙළඳපොල තාවකාලිකව අද (25) දින සිට හුදකලා කිරිමට හැටන් දික්ඔය නගර සභාව සහ හැටන් පොලිසියේ නිලධාරින් කටයුතු කළහ.
පෑලියගොඩ මත්ස්‍යය වෙලදපොලෙන් මත්ස්‍යයින් රැගෙන විත් අලෙවි කළ වයිරසය ආසාදනය වු ව්‍යාපාරිකයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා රැගෙන යාමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් කටයුතු කරනු ලැබීය.
හැටන් නගරයේ මහජන පොල භුමියද තාවකාලිකව වසා දැමිමටත් , හැටන් නගරයේ මහජන වෙළඳපොල විෂබිජහරණයට ලක් කිරිමට කටයුතු කල අතර ,එම ව්‍යාපාරිකයා හැටන් නගරයේ ආපනශාලා ඇතුළු වෙළදසැල් කිහිපයකටත් ගොස් ඇති බවට ලැබුණු තොරතුරු මත එම වෙළදසැල්ද තාවකාලිව වසා දැමිමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කළහ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
හැටන් මහජන පොළ තාවකාලිකව හුදකලා කරයි