(ඩබ් ඒ පියතිලක)
හිගුරක්ගොඩ මුලස්ථාන පොලිස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ සියලුම නිළධාරින් 13 දෙනාගේ පි.සි.ආර්. පරික්ෂණ වලින් කොරෝනා ආසාදිතයින් නොවන බවට අනාවරණය වූ බව හිගුරක්ගොඩ මුලස්ථාන පොලිස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බුද්ධික ගුණසේකර මහතා කියයි.
මේ පිළිබඳව කළ විමසිමේදී හිගුරක්ගොඩ පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ පැවැසුහ.
ඉකුත් දිනක කොවිඩ් 19 ආසාදිත රෝගියකු පොලිස් ස්ථානය වෙත පැමිණිමත් සමඟ ඔහු පැමිණි අපරාධ විමර්ශන අංශයේ සියලුම නිළධාරින් ස්වයං නිරෝධායනයට ලක් කර පි.සි.ආර්. පරික්ෂණ වලට ද භාජනය කළා. එහි ප්‍රතිඵල අනුව එම නිළධාරින් කිසිවෙකුට කොවිඩ් 19 රෝගය ආසාදිතයන් නොවන බව තහවුරු වී තිබේ.
ඒ අනුව සුපුරුදු ලෙස හිගුරක්ගොඩ පොලිස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ සියලු කටයුතු නැවත සිදුවන බවත් කිසිදු බියකින් සැකයකින් තොරව තමන්ගේ සේවාවන් ලබා ගැනිම සඳහා පොලිසිය වෙත පැමිණෙන ලෙස මහජනතාවගෙන් පොලිස් ස්ථානාධිපතිවරයා ඉල්ලා සිටී.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘හිඟුරක්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ කිසිදු නිලධාරීයකුට කොරෝනා නෑ’