IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


සුළු වැරදි-ඇප කොන්දේසි සම්පූර්ණ කළ රැඳවියන්ට සහනයක්

( දිල්රුක්ෂි ග්‍රේරු)

සුළු වැරදි සඳහා දඬුවම් ලෙස හා ඇප කොන්දේසි සම්පූර්ණ කළ නොහැකිව දැනට බන්ධනාගාරගතව සිටින පිරිසට සහන සැලසීමේ හැකියාව සොයා බලන්නැයි නීති විශාරදයන්ට හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.
 
 සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූවන් සඳහා නෛතික සහන සැලසීමට ඇති හැකියාව නිර්දේශ කිරීමට පත් කළ විශේෂ කමිටුව අද (24) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා   හමු වූ අවස්ථාවේ දී මේ උපදෙස් දෙනු ලැබීය.
 
 ජනාධිපතිවරයා  මීට පෙර බන්ධනාගාර පරිශ්‍රය නිරීක්ෂණ කළ අවස්ථාවේ රැඳවියන් එතුමාගෙන් කළ ඉල්ලීමකට අනුව සහන සැලසීමට පියවර ගැනිණි.
 
දැනට දඩ මුදල් ගෙවීමට හෝ ඇප මුදල් හෝ පුද්ගල ඇප ලබාදීමට අපොහොසත් රැඳවියන්ට නෛතික ප්‍රතිපාදන සැලසීමට  නිර්දේශ ඉදිරිපත් කරණු පිණිස කමිටුව මාර්තු 26 වනදා ජනාධිපතිතුමා යළි හමුවීමට නියමිතය.
 
 නීතිඥ කමිටුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් සමන්විතය. 

බන්ධනාගාර කොමසාරිස් ජයසිරි තෙන්නකෝන්, නීති කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර, නියෝජ්‍ය බන්ධනාගාර කොමසාරිස් වෙනුර ගුණවර්ධන, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස, ලේකම්  කෞෂල්‍ය නවරත්න, ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර සිල්වා, නීතිඥ සුසර දිනාල් යන මහත්වරු ඇතුළු නීතිඥ පිරිසක් හමුවට එක්ව සිටියහ.



අදහස් (1)

සුළු වැරදි-ඇප කොන්දේසි සම්පූර්ණ කළ රැඳවියන්ට සහනයක්

ධම්ම Tuesday, 24 March 2020 06:14 PM

ඉතියෝපියාවේදී මා දැක්කා මෙවැනි වැරදිවලට වරදකරුවන් වූ අයගේ දෑතට මාංචු දමා ගෙදර යවන ක්‍රමවේදයක්. පළාතේ ආරක්ෂක අංශ හා පරිපාලන අංශ ඔහු පිළිබඳව වගකිවයුතුයි. මාංචු ගලවන්නේ දඬුවම් කාලය සම්පුර්ණ කල පසුවයි. මාන්චුව හොර රහසේ ගැලෙව්වොත් ඊළඟට ලැබෙන දඬුවම බරපතලයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31379 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13622 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11019 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 132 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1035 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site