IMG-LOGO

සහල් සඟවා වැඩි මිලට අලෙවි කළ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)
 
වැඩි මිළට   අලෙවි කිරීම ස`දහා සහල් මිටි 250 ක් ස`ගවාගෙන සිටි  පිටකොටුව 5 වැනි හරස්වීදියේ සහල් ව්‍යාපාරිකයකු අද (11) දහවල් පාරිභෝගිය අධිකාරියේ   නිලධාරීන් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගත් බව එම අධිකාරිය පවසයි.
 
මෙම ව්‍යාපාරිකයා සහල් තොග ස`ගවාගෙන වැඩි මිළට අලෙවි කරන බවට පාරිභෝගික අධිකාරියට ලැබුණු තොරතුරු මත   මෙම වැටලීම සිදුකර තිබිණි.
 

විමර්ශන නිලධාරීන් උපාය දුතයකු  යොදවා   ව්‍යාපාරිකයාගෙන් පවතින මිළට සහල් ඉල්ලා සිටියද    තමා සන්තකයේ සහල් නොමැති බවට සැකකාර ව්‍යාපාරිකයා දැනුම් දුන් බව අධිකාරිය පවසයි.
 
පසුව නිලධාරීන් ව්‍යාපාරිකයාට අයත්    සහල්  ගබඩාව පරික්ෂා කිරීමේ දී එහි ස`ගවා තිබු   සහල් මිටි 250 ක් අත්අඩංගුවට ගෙන තිබුණි.
 
වැඩි මිළට සහල් අලෙවි කළ  බිල් පත් කිහිපයක් ද ව්‍යාපාරිකයා  සතුව තිබී   නිලධාරීන් බාරයට ගෙන ඇත.
 
උපරිම සහල් මිළක් නියම කර තිබියදී සහල් තොග ස`ගවාගෙන සිටීම හා වැඩි මිළට සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන්   සැකකාර ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පැවරීමට නියමිතව ඇත.
පාරිභෝගික අධිකාරියේ   සහකාර අධ්‍යක්ෂ   ඒ ඒ ජසුර්   දිස්ත‍්‍රික්   ප‍්‍රධානි   රංජිත්  වීරවර්ධන  විමර්ශන නිලධාරී   දමින්ද කුමාර යන මහත්වරුන් මෙම වැටලීම සිදුකළහ.



අදහස් (0)

සහල් සඟවා වැඩි මිලට අලෙවි කළ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 87 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 17 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 674 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site