ශ්‍රී ලංකාවේ පවතින කෞතුකාගාර සියල්ල නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසාදැමීමට තීරණය කළ බව බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශය පවසයි.
ඒ අනුව, කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති කෞතුකාගාර 11ක් වසා දැමෙනු ඇත.
කොරෝනා වයිරසය පාලනයට රජය ගෙන යන ක්‍රියාමාර්ග අනුව යමින් මෙම පියවර ගත් බවද බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ අනුව,
කොළඹ 07 පිහිටි ජාතික කෞතුකාගාරය
ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරය
රත්නපුර ජාතික කෞතුකාගාරය
මහනුවර ජාතික කෞතුකාගාරය
ගාල්ල ජාතික කෞතුකාගාරය
ගාල්ල සමුද්‍ර කෞතුකාගාරය
අනුරාධපුර ජන කෞතුකාගාරය
කොළඹ 07 නිදහස් චතුරස‍්‍රයේ පිහිටි නිදහස් අනුස්මරණ කෞතුකාගාරය
පොළොන්නරුව පුරාණ තාක්ෂණ කෞතුකාගාරය
හම්බන්තොය මාගම්පුර රුහුණු උරුම කෞතුකාගාරය
පිටකොටුව ඕලන්ද යුග කෞතුකාගාරය යන කෞතුකාගාර 11 තාවලිකව වසා තැබෙන බව කෞතුකාගාර අධ්‍යක්ෂ ජනරාල් සනෝජා කස්තුරිආරච්චි මහත්මිය ලංකාදීපයට පැවසුවාය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සියලු කෞතුකාගාර වසාදමයි
siri Monday, 16 March 2020 08:51 AM
ඕකට අපේ රටේ කරන්න තිබුනේ "මේක දෙයියන්ගේ ලෙඩක්... ඒ නිසා දවස් 14ක් ගෙදරට වෙලා හිටියා නම් ඉබේම හොඳවෙනවා." කියලා ප්‍රචාරයක් ගෙනියන්නයි. ඇත්ත තත්වය විස්තර කරදෙන කිසිදෙයක් අහන්නේ නැති වුණාට මේවගේ කතාවක් ප්‍රචාරය කළානම් සේරම අහයි. අපේ අය එ් තරමටම වියතුන්නේ...