IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


සිංගප්පුරුවෙන් මිලියන 80 ක වෙන්ටිලේටර් පිරිනමයි

 

ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් අද (05) සිංගප්පුරුවේ ටීම්සෙක් නැමැති පදනම විසින් රුපියල් මිලියන 80 ක් වටිනා වෙන්ටිලේටර් 50 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරන ලදි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මෙම ප්‍රදානය ලබාදෙන ලද්දේ මෙරට මෙඩි ටෙක්නොලොජි හෝල්ඩින්ග්ස් පෞද්ගලික ආයතනයේ අධ්‍යක්ෂ කපිල ගීගනගේ මහතා විසිනි.

මෙම පරිත්‍යාගය ලබාගනිමින් සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහිදී කියා සිටියේ කොවිඩ් වෛරසය ආසාදිතව ස්වසන අපහසුතාවයන්ට  ලක්වන රෝගින් වෙත කෘත්‍රීම ස්වසනය ලබාදීම සදහා වෙන්ටිලේටර් යන්ත්‍ර අත්‍යාවශ්‍ය වන බවත්, එම යන්ත්‍ර ලබාදීමට කටයුතු කිරීමට පිළිබද ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය ස්තූතිය පුද කරන බවත්ය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (11)

සිංගප්පුරුවෙන් මිලියන 80 ක වෙන්ටිලේටර් පිරිනමයි

banda Thursday, 05 November 2020 11:24 AM

මෙ වෙලාවෙ ලංකාවට මුදල් දෙනවට වඩා හොදයි මෙම උපකරණ ලබාදෙන එක...

:       0       32

NMThursday, 05 November 2020 02:40 PM

වෙන්ටිලේටර් නොලැබුණා නම් පවිත්‍රා දේවි මහමුහුදට පනින්න තීරණය කරලා තිඛෙන්නේ රට ඛෙරාගන්න විහාරමහා දේවිය වගේ. හොද වෙලාවට වෙන්ටිලේටර් ලැබුණේ.

:       1       8

gaminiThursday, 05 November 2020 09:25 PM

පසුගියදා එ.ජා. පක්ෂයෙන් කොවිඩ්-19 අරමුදල ගැන අැසුව නිසා දෝ මන්දා පවිත්‍රා දේවි මේ දිනවල කොළපාට සාරි අඳින්න පටන් අරගෙන...

:       0       0

Chandima Thursday, 05 November 2020 11:30 AM

මෙ ඡායාරූපයේ තියෙන වෙන්ටිලේටරයක මිල අන්තර්ජාලයේ ඩොලර් දහසකටත් අඩුයි. එකක් රුපියල් ලක්ෂ 2 බැගින් වුණත් 50ට වෙන්නේ රුපියල් ලක්ෂ 100යි. නැතිනම් මිලියන 10යි. පදනම් කාරයෝ නැතිනම් මෙහෙ පුද්ගලික සමාගම සිංගප්පූරු ආණ්ඩුවෙ මිලියන 70කටම විදලා වගේ. ඒ මදිවට මෙ දවස්වල සේල් දාලා අන්තර්ජාලයේ ඒ යන්ත්‍ර විකුණනනේ ඩොලර් 750 ට...

:       5       26

ChampaThursday, 05 November 2020 01:45 PM

ඕව කියන්න එපා. කළගෙඩි බයියන්ට තරහ යනව හරියට....

:       0       6

Pathum Thursday, 05 November 2020 12:34 PM

පවිත්‍රාට බනින අයට අපි විරුද්ධයි ... අයා අපේ දෙයියෝ..

:       9       2

Demuni Uduwara Thursday, 05 November 2020 01:58 PM

කොවිඩ් 19 උදෙසා තම දිවිය පවා දුන් ඇමැතිවරිය ඇයයි. ඇය නූතන විහාර මහා දේවියයි.

:       4       2

vikum Thursday, 05 November 2020 02:53 PM

අන්තිමට කාගේ කාගෙන් හරි... පිහිට වීම පමණයි. දැනට ඉතිරිවී ඇත්තේ 1948 නිදහසින් පසුව පිල් මාරු දේශපාලනයෙන් අපිට දායාද කලේ ලෝකේ වටෙ හිගමන් යැදීම පමණයි. දැන් ඉතින් චීනාට නෙවෙයි සයිබීරියාවට තමයි මෙක විකුණන්න වෙන්නේ නුඹලා 225 පෝෂණය කරන්ඩ.

:       0       9

Kumara Thursday, 05 November 2020 04:17 PM

දේවි අපිට, අපි දේවිට

:       2       4

dhananjaya wickramarachchi Thursday, 05 November 2020 11:58 PM

කිසිදාක ඔය රට නම් දියුණු කරන්න බැරි රටක් ... කවුරු බලයට ආවත්. රටවල් වලින් හිඟාකන එකේ අඩුවක් නැහැ. වැඩිවීමක් මිසක...

:       0       0

kamal Friday, 06 November 2020 06:48 AM

ඒ දවස්වල සිංගප්පූරුවක් තිබුණා නම් විහාර මහා දේවිට මුහුදට බිලිදෙන්න නැතිවෙන්න තිබුණා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31633 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14055 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1106 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site