(මොහොමඩ් ආසික්)
විදෙස් රටවල විවිධ රැකියාවන් ගොස් කොවිඩ් 19 වසංගතය නිසා පීඩාවට පත්ව තම මව් රටට පැමිණිමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 40000න් 20000 කගේ වගකීම භාර ගැනීමට තමන් සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සහ ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම් නායක කේ.ඩී.ලාල්කාන්ත මහතා කීය.
මහනුවරදී අද 12 පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ලාල්කාන්ත මහතා එසේ කීය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ලාල්කාන්ත මහතා මෙසේද කීය.
‘‘කොවිඩ් 19 ගැන සැලකීමේදී දැන් අප හමුවේ තියෙන ප්‍රබලතම ප්‍රශ්නය තමයි විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ප්‍රශ්නය. වග කිය යුතු පක්ෂයක් ජනතාවක් හැටියට විදෙස් රටවලට ගොස් රැකියාවක් කර දහ දුක් විදිමින් රටට වැඩිම විදේශ විනමයක් ගෙනත් දෙන මේ පිරිස අමතක කරල ඉන්න පුළුවන් කමක් නෑ. සමහර අය ඉන්නවා කොවිඩ් හැදුන අය මේ රටට ගෙන්වා ගන්න ඕන නෑ කියන පදනමෙන්.
නමුත් ඒක වැරදියි. මේවන විට ගුවන් තොටුපළ යම් කළමණාකරණයකට ලක් කර ගෙන තියෙන වෙලාවේ වහාම රජය මැදිහත් වෙලා මේ විදේශ රටවල්වල ඉන්න ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් රටට ගෙන්වා ගන්න ඕන. මේ රටේ ජනතාවත් රජයත් අතුළු සියලු දෙනා කැපවීම් කරලා මේවන විට ලෙඩේ යම් පාලනයකට ලක් කර ගෙන තියෙනවා. ඒ වගේම මේකටම සම්බන්ධ මේ විදේශගත ශ්‍රමිකයින් ගෙන්නා ගන්න අප වහාම මැදිහත් වෙන්න ඕන. බොහෝ දෙනා ඒ රටවල්වල අපා දුක් විඳිනවා.
හැබැයි ඒක අපිට තනියම කරන්න බෑ. අපි ලෑස්තියි ස්ථාන වෙන් කර ගන්න . ඒකට ආධාර උපකාර සොයා ගන්න මුල්‍ය පහසුකම් සොයා ගන්න. නමුත් සෞඛ්‍ය බලධාරීන් සම්බන්ධ කර නොගෙන ඒක කරන්න බෑ. ඒ සියලු සෞඛ්‍ය අංශ සම්බන්ධ කර ගෙන අපට පුළුවන් මේ අය බලාගන්න.
ඒ නිසා අප රජයට කියල තියෙනවා’ අපි ලෑස්තියි 20,000 ක් භාර ගන්න හැබැයි අපට ගුවන් තොටුපලෙන් සෞඛ්‍ය සම්බන්ධයෙන් කරන කටයුතු කරලා ගෙනවිත් දෙන්න එතැනින් පසුව විධිමත් ක්‍රමයකට අපට භාර දීලා රජයත් උදව් කරන්න. මේ වගේ බෑ කිව්ව දේවල් අපි මිට ඉස්සර කරල තියෙනවා.
සුනාමිය ආව වෙලාවේ මුහුදුබඩ දුම්රිය මාර්ගය ඇ.ඹරිලා කැඩිල ගිය වෙලාවේ ආණ්ඩුව කිව්වා මේක හදන්න අවුරුද්දක් යනවා කියලා.
ඉන්දියාවට දෙන්න සූදානම් වුණා අවුරුද්දකට මේක හදන්න. ඒ වෙලාවේ අපි මැදිහත් වෙලා ඒක භාර ගත්තා ඒ වෙලාවේ හිටපු ෆිලික්ස් පෙරේරා ඇමතිතුමා උදව් කළා.
අපේ වෘත්තිය සමිති අපි සම්බන්ධ වෙලා ප්‍රදේශයේ ජනතාවගේත් සහායෙන් අවුරුද්දක් ඕන කිව්ව දුම්රිය මාර්ගය දින 56 න් හැදුවා.පිටරටින් ඉංජිනේරුවරුන් ගෙනාවෙ නෑ. ඒ වෙනුවෙන් ඉන්දියාවට ගෙවන්න තිබුණ මුළු මුදලම අපි මේ රටට ඉතිරි කරල දුන්නා.‘‘ යැයිද කීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
‘ශ්රී ලංකාවට ගෙන්වා දෙනවානම් ශ්‍රමිකයින් 20000කගේ වගකීම ගන්න සූදානම්‘
ජගත් ලියනගේ Friday, 12 June 2020 12:40 PM
ඔව්... අපිට මතකයි සුනාමි ආපු වෙලාවේ කරපු ඉතා හොඳ වැඩ කොටස... ඇත්තටම දක්ෂ, වැඩ කරන්න පුලුවන් කට්ටියක් ඉන්නවා තමයි. අවස්ථාව ලැබුණොත් වැඩක් කරන්න පුලුවන් කණ්ඩායමක් ඔබට ඉන්නවා.
Kumaar GFriday, 12 June 2020 10:43 PM
කටින් බතල තමයි..!!!
dilanSaturday, 13 June 2020 02:40 AM
ලොක්කා අමු කාලාද? ඒ කාලේ JVP එක, තවත් විදියකින් කියනවා නම් "විජේවීරලාගේ " "සෝමවංශලාගේ " අතේ පක්ෂේ තිබුණු කාලේ. දැන් පක්ෂේ තියෙන්නේ UNP එක අතේ, යැපෙන්නේ UNP ගන්න අරමුදල් වලින්. නායකයා "රතු අලි පැටියෙක්". ඒ කාලේ අනුන් කරපුවලා, ලකුණු දා ගනිල්ලා පැත්තකින් තියමු. කෝ සහෝදරයා කියන්න බලන්න "රතු අලියාගේ" පාලන කාලේදී කරපු එක වැඩක්? කොරෝනා ආවා, මොනවද කරේ? පාස්කු ප්‍රහාරයක් එල්ල වුණා, විනාශවෙච්ච පල්ලියක එක ගඩොලකට අත ගැහැව්වද? බොරු එපා සහෝදරයා, ඇත්ත කතා කරන්න. අන්න එතකොට සහෝදරයන්ටත් ඒ කලේ වගේ 3% වඩා ඡන්ද හම්බවෙයි..
chinthakaSaturday, 13 June 2020 05:52 AM
ඒවා කලේ සෝමවංස අමරසිංහනේ, රතු අලිපැටව් නෙමෙය්නේ. කොහොමත් දැන් ඉන්න ජෙප්පෝ අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙන්න රුසියෝ, මම දැක්කා ආණ්ඩුවෙන් දුන්නු සැනිටයිසර් මේ මිනිස්සු ගහනවා "රතු තරුවකුත්" ෂර්ට් එකේ ගහගෙන, ඇරියට පක්ෂේ සල්ලි වලින් ගත්ත වගේ, තව මම දැක්ක නියං ආධාර බෙදන පින්තුරයක් "ලපකුමාර" life -guard ජැකට් එකක් දාගෙන. වෙන වැඩ කරන්නේ කොහොමද?
Pradeep Friday, 12 June 2020 01:03 PM
විශිෂ්ඨයි.. නමුත් ඇයි ඔබ ඡන්දෙ දවස කියනකම්ම හිටියේ ඕක කියන්න...
chamikaSaturday, 13 June 2020 07:00 AM
ඉතින් එහෙමනම්, 40,000ම ආන්ඩුවම ගෙන්නගෙන, ඔක්කම චන්ද ආන්ඩුවම ගත්ත නම් හරිනෙ...
BamunuarachchiSaturday, 13 June 2020 08:02 AM
ආණ්ඩුව මෙගොල්ලන්ගෙන් මෙහෙම වැඩක්වත් ගන්න. නැතිනම් නිකන්ම ඉදගෙන ජනතාවගේ සල්ලි බුදින එක විතරද කරන්නේ... ?
JayanthaSunday, 14 June 2020 08:34 AM
ඡන්දයට කලින් ඉඳල කියන්නේ. ආණ්ඩුව කරන්නේ නැති තැන තමා අපිත් කොටසක් භාරගන්නම් කීවේ. ආණ්ඩුව කුහකයි. ඔවුන් දකින්නේ ඡන්ද විදිහට.
සමිත සේනක අලුත්ගමගේ. Friday, 12 June 2020 01:04 PM
වසන්ත සමරසිංහ, සමන්ත විද්‍යාරත්න, සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක යන චරිතවලට මා වඩාත් ප්‍රියකරනවා. ඒත්, ජේ.වී.පී ප්‍රතිපත්ති හා අතීත ක්‍රියාකාරකම් වලට මා ආසා නැහැ. ලාල්කාන්තගේ අවේගශීලි වාග් විලාශය මාහට ජේවීපී අතීත ක්‍රියාකාරකම් මතකයට නංවනවා...
විජිත් Friday, 12 June 2020 04:01 PM
සමිත, ඉතාම යථාර්තවාදී අදහසක්. ඔබගේ ටොප් 4 දෙනාට මමත් කැමතියි.. ඒ ගොල්ලෝ අතරේ ඉංජිනේරුවන් 2 ක්ම ඉන්නවා. අනෙක් ප්‍රශ්නය නවකවදය. විශ්ව විද්‍යාලවල (ඔබගේ විශ්ව විද්‍යාලයත් ඇතුළුව - කොළඹ කැම්පස් එක හැර ) නවක වදයට මුල්වන්නේ මේ ජේවීපී අයගේ ශිෂ්‍ය සංගම් බව මට අලුත් දෙයක් නොවෙයි. නවක ශිෂ්‍යයන් කීයක් විශ්වවිද්‍යාල යෑම අතහැරියද..? මේ අයගේ ශිෂ්‍ය සංගමයේ ම්ලේච්ඡ නවක වදය නිසා. අනෙක් දේ තමයි දැන් දැන් ඒ ගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන කතාකරන්නෙත් නැහැ. චීනයේ සහ රුසියාවේ කොමියුනිස්ට් ආර්ථික ප්‍රතිපත්තිය වැටුණාට පස්සේ.. මේ ගොල්ලන් ඒ ගැන යමක් කිව් බවක් මට නම් මතක නැහැ. හැබැයි මේ ගොල්ලන් කීපදෙනෙක් පාර්ලිමේන්තුවේ සිටීම වංචා, දූෂණ වැළැක්වීමට හොඳම ක්‍රමයක්. කෙසේවෙතත් ශ්‍රී ලාංකික දේශපාලනය ගැන ආපසු හැරිලා බලද්දී මට තිබෙන්නේ මහාම මහා අප්පිරියාවක්. ඔබට ඒ ඇයි කියලා හිතාගන්න පුළුවන් බව මම හොඳින්ම දන්නවා. ඒ වගේමයි අනාගතය ගැනත් කිසිම පැහැදිලි යමක් මටනම් පෙනෙන්නේ නැහැ. අපි බලාගෙන ඉමු...
සමිත සේනක අලුත්ගමගේ.Monday, 15 June 2020 06:53 AM
විජිත්,සත්‍ය වශයෙන්ම මේ අය පාර්ලිමේන්තුවේ සිටීමෙන් බොහෝ හොර මැර වංචා දූෂණ එළිදරව් වෙනවා. එය ඉතා හොඳ ප්‍රවණතාවක් ...
Siva Friday, 12 June 2020 01:23 PM
ඉතාමත් හොඳ දෙයක්... ආණ්ඩුව කොරෝනා විකුණාගෙන කන්න හදන්නේ නැත්නම් ආණ්ඩුවට පුලුවන් නියාමනයක් ඇතුව ඒ ඉල්ලීමට ඇහුම්කන් දීලා ඔවුන්ගේ සහාය ලබා ගන්න. හැබැයි ඔයදේ ඉටු නොවෙන බවට සහතිකයි. මොකද ආණ්ඩුව හිතන්නේ ඔවුන්ට ඡන්ද 20000 අහිමි වෙනවා කියලයි. ඕක තමයි තිත්ත වුණත් ඇත්ත...
රතු අලියා Saturday, 13 June 2020 06:02 AM
මම ඉල්ලා සිටිනවා මේ ආණ්ඩුවෙන් පිටරට ඉන්න ඉන්න ලක්ෂ ගානක් සහෝදරවරු ඔක්කොම ගෙන්නලා දෙන්න. මම තනියම පක්ෂේ වෙනුවෙන් බලා ගන්නවා, අම්මපා, ෂුවර්. හැබැයි ආණ්ඩුවෙන් ඒ සහෝදරවරුන්ට ඉන්න ගොඩනැගිලි සහ අනෙකුත් පහසුකම් දෙන්න ඕනෑ, ඒට අමතරව ඒගොල්ලන්ට කන්න බොන්න, බේත් හේත් දෙන්න ඕනා. මම ඔවුන්ව බලා ගන්නවා ෂුවර්, ඇයී මොකද ඔබතුමන්ලා හිනා වෙන්නේ? මට බැහැයි කියලද කියන්නේ?
දමනSaturday, 13 June 2020 08:44 AM
ප්‍රේමකීර්ති මැරුවේ කවුද කියලා ප්‍රේමකීර්ති පුතා ඉතා පැහැදිලිව කියනකොටත් වහල් කඩේ යන දාසයෝ තේරුමක් නැතිව අමුඩෙ ලියාගන්නවා....
Pradeep Friday, 12 June 2020 01:25 PM
වැඩේ නම් බොහොම හොඳයි... ඒත් ඇයි මහත්තයෝ ඡන්දෙට දින නියම කරන කල්ම හිටියේ ඔය තීරණය ගන්න.
Tharindu PereraFriday, 12 June 2020 01:48 PM
ඔන්න ඕකට තමයි නියම කුහකකම කියන්නේ... ජවිපෙ එහෙම කිව්වේ ආණ්ඩුවට ගේන්න කියලා ඔවුන් ගෙනාපු නැති නිසා බැරිම තැන...
PradeepSaturday, 13 June 2020 03:10 AM
ඔබට අනුව එයට කියන්නේ කුහකකම නම් ඒක එහෙමම වුණාවේ. මට නම් මතකයි ඔය හාදයින් ටික ගුවන්තොටුපල කල් ඇතුවම වැහුවේ නෑ කියලා රජයට චෝදනා කළා. ඒ වනවිට ලොවපුරා මේ තරමට තත්වය දරුණු වෙලා තිබුනේ නෑ. ඇයි ඔවුන්ට බැරිවුනේ ඒ අවස්ථාවේදී ඔය විශිෂ්ඨ අදහස දෙන්න. මම කිසිඳු දේශපාලකයෙකුට හෝ පක්ෂයකට ගැතිකම් කරන්නෙක් නොවෙමි. හුදෙක් හැමෝගෙම වැරදි (වැරදි යැයි මට හැඟෙන) විවේචනය කරමි. තවත් දෙයක් ඔබට කියන්නට කැමතියි, මමත් ඉන්නේ විදේශ ගතව, ලංකාවට එන්න විදියක් නැතුව. මේ ප්‍රශ්න ඔබලාට වඩා දැනෙන්නේ අපිටයි. වෛරස් තත්වය ලොව පුරා පැතිරීමට පෙර මේ මහත්වරුන්ට ඔය අදහස් පහළ නොවීම සහ ඡන්දයට දින නියම කළාට පසුව පමණක් විශිෂ්ඨ අදහස් පහල වීම ජුගුප්සා ජනකයි. එක එක්කෙනා අපේ ජීවිත හෑල්ලුවට ලක් කිරීම ඛේදනීයයි. ස්තූතියි.
Thiluna Friday, 12 June 2020 01:28 PM
කාලෙකට පස්සේ හොඳ ප්‍රවණතාවක්... මේක තමයි වෙන්න ඕනේ... විවේචනය කරකර ඉන්නවාට වඩා තමන්ගේ වැඩ කොටස ඉටු කරන්න ඉදිරිපත් වීම අගය කරනවා. ඒත් එකපාර 40000 කට නවාතැන් සැපයීම ප්‍රශ්නයක් නේද? ඇත්තටම මේ වෙලාවේ අසරණ වෙලා ඉන්න විදේශ ශ්‍රමිකයන් ඒ රටවල්වල ඉන්න පදිංචි වෙලා ඉන්න අපේම අය හරහා රැකබලා ගන්න උදව් කරන්න පුළුවන්. රජයටත් පුළුවන් ඒකට උදව් කරන්න...
සජිත් Friday, 12 June 2020 01:38 PM
3%ක් බැහැලා වැලේ වැල් නැතුව ඉන්න වෙලාවේ කීයක් හරි හොයාගන්න ක්‍රමයක් කල්පනා කරපු එක හොඳයි. මොවුන් හිතාගෙන ඉන්නේ 20,000 බාරගෙන මොනවා කරන්නද? රස්සාවල් දෙන්නද? නිරෝධායනය කරන එක රජය කොහොමත් කරයි. මැරෙන එකා කොහොමත් මැරෙයි. වෙන කරන්න දෙයක් නැහැ. රජයට පුළුවන් විදියට ඉන්න මිනිස්සු ගෙන්වා ගනියි. ඡන්දෙ ළඟ නිසා හොඳ හොඳ දේවල් මොවුන්ගේ ඔලුවට එන්නේ.
සෑම් Friday, 12 June 2020 01:55 PM
හිතන්න පුළුවන් මොලයක් ඇති කොන්ද පණ තියන මිනිස්සු 3% රටේ ඉන්නේ... පසුගිය මාස 6ක කාලේ ඉඳන් අපි ඒක දකිනවා...
samanthaSaturday, 13 June 2020 05:46 AM
සෑම් අංකල්, ඔයාව දැක්කහම මට මතක්වෙන්නේ අර අංගොඩ යකඩ කුඩුවල රදවලා ඉන්න පිස්සු හැදිච්ච මිනිස්සුන්ව. ඒ ගොල්ලෝ කියන්නෙම "අපිට පිස්සු නැහැ, මේකෙන් එහා ඉන්න ඔක්කොම පිස්සෝ" කියලා
සත්‍යා Sunday, 14 June 2020 05:54 AM
වධකයාට කසේ අතට දීලා පුළුවන් තරම් ගහපන් කියල පස්ස පැත්ත අල්ලගෙන ඉන්නගමන් දැන් මට සැපයි කියන සමන්ත වගේ මිනිස්සුන්ට අයුක්තියට එරෙහිව සටන් වදින මිනිසුන් පිස්සන් සේ පෙනීම ඔවුන්ගේ ජාන විකෘතියකින් සෑදුණු සුව කිරීමට අපහසු කෝවිඩ්වලට වඩා දරුණු රෝගයක් බව පසුගිය සමයේ අප දැක ඇත්තෙමු.
samanthaSunday, 14 June 2020 06:22 PM
හි හි, සැම් අංකල්ට කියන අනිත් නමද "සත්‍යා" , අංකල් ඔයගොල්ලෝ අර තියරියේ ටයර් සෑයේ යන ගමන්නේ කෑ ගැහුවේ "හප්පා සැප" කියලා. ඒක විශ්වාසෙට ගත්ත රටේ අහිංසක කොල්ලෝ, කෙල්ලෝ 60,000 කුත් ඔහෙලගෙ අපතයින් එක්කම ටයර් සෑ වලට පැන්නා. තරහ ගන්න එපා කිව්වට, දැන් ඒ වගේ හරක් නැහැ, ලෝකේ දියුණු වෙද්දී මිනිස්සුන්ගේ බුද්ධියත් දියුණුවෙනවා. එ්කනේ ගිය මැතිවරණෙන් රටේ මිනිස්සු "රතු අලි පැටවූ" ටික 3% බැස්සුවේ
Chrisanthus Friday, 12 June 2020 02:35 PM
උදාහරණයක් ලෙස දේශපාලකයින්...
රතු කොළ තරුව Saturday, 13 June 2020 05:57 AM
ඔයගොල්ලෝ අර "ප්‍රේමකීර්ති අල්විස්" "විජය කුමාරණතුංග" ඇතුළු අහිංසක මිනිස්සුන්ටත් 20,000 ටත් කන්න බොන්න දීලා ජීවත් කරවන්නනේ තිබුනේ, ඔබතුමා ඔය ඉන්නවා වගේ "බාගයක්" ගහලා ගෙදරම ඉන්න, කික් එක වැඩිවෙලා මාධ්‍ය සාකච්චා තියලා කොලේ ඉරාගන්න එපා...
chandima Friday, 12 June 2020 02:48 PM
මාර වැඩ කාරයෙක්නේ... කඩෙන් බඩු ගෙනැල්ලා කෑම උයලා පිඟානකට බෙදලා බෙදලා අනලා ගුලිකරලා කටේ තිබ්බොත් හපලා දෙන්න බාරගන්නවා කියනවනේ...
maheel Friday, 12 June 2020 03:08 PM
වැඩේ හොඳයි. මාත් ඒකට කැමතියි. අපේ අයියෙකුත් ඉන්නවා කටාර්, ඌටත් එන්න පුළුවන්නේ. හැබැයි ඔය ගොල්ලොමයි කෑගැහුවේ එයාපෝර්ට් වැහුවේ නැහැ කියලා. අනික 20000ක් නිරෝධායනය කරන්න භාරගත්තට එයින් 5000ක් කොරෝනා පොසිටිව් වුනොත් මොකද්ද කරන්නේ? දොස්තරලා කියනවා එයාලට රෝහල්වලට දරාගන්න පුළුවන් 2000ක් උපරිම කියලා. ඒ මිනිස්සු කචල් දාන්න ගත්තොත් ඔක්කොම ඉවරයි.
ලලිත්Saturday, 13 June 2020 04:22 AM
20000 ම එකපාර ගෙන්වන්න කියලා නෙමෙයි කියන්නේ... ඉස්සෙල්ලාම 1000ක් ගෙන්නනවා. ඒ ගේන 1000ටම කොරෝනා තිබුණත් දැනට රෝහල්ගතව ඉන්න 600 එක්ක 1600 යි. ඒ ගාන දරාගන්න බැරි ගාණක් නෙවෙයිනේ... එහෙම කරලා මෙහේ පහසුකම් වලින් කරන්න පුලුවන් උපරිමය කරල ගේන්න විදියක් නෑ කියනවා නම් සාධාරණයි.. ඒත් දැන් ඉඩ තිබිලත් ගෙන්වන්නේ නෑ නේද?
BamunuarachchiSunday, 14 June 2020 07:57 AM
"20000 ම එකපාර ගෙන්වන්න කියලා නෙමෙයි කියන්නේ... ඉස්සෙල්ලාම 1000ක් ගෙන්නනවා. " ඉතින් හලෝ එක සැරයකට 1000 ඔවුන්ව දින 14 නිරෝදායනයන කරල තව 4000 නිරෝධායන කරනකොට දින 80 ගිහිල්ලා එතකොට ඉතිරි 15000 සිටින කොරෝනා ආසාධිතයින් මිය පරලොව ගිහිල්ලා කරලා තිබෙන පව් පින් වැටට අනුව අපායේ හරි දිව්‍ය ලෝක හරි ඉඳීවි. හලෝ අපිට තිබෙන පසසුකම් අනුව එකවර 1000 නොවෙයි 200ක් ආවත් ප්‍රශ්නයක්... මේ ගොල්ලෝ කොහෙද 20000 නිරෝධායනය කරන්නේ..? 800ක් පමණ ඇඳන් තිබෙන රජයේ රෝහලේත් ලෙඩ්ඩු හිටියොත් 250 අපිට ප්‍රශ්නයක්... ජෙප්පන්ගේ ගොබ්බ කතාවලට රැවටෙන්න එපා.
අබරන් ආතා Sunday, 14 June 2020 06:27 PM
අම්මපා කොලුවෝ මේ "රතු කොළ පැටව්" ටිකට මොලේ දෙන්න "ලෙනින්" ජීවතුන් අතර හිටියත් බැහැ නොවැ..., අනේ මන්දා මේ විදියට ඔලු ගලේ උලලා වගේ හෝදලා තියෙද්දී මේ කොලුපැටව් සමාජයට ඇවිත් කොහොම රස්සාවක් කරන්නද කියලා?
pradeepa Friday, 12 June 2020 03:15 PM
ලොකු වගකීමක් ගන්නේ... නමුත් ආණ්ඩුව වැඩේට කැමැති නැහැ.. මොකද ඔය 20000 ඡන්දෙ දෙන්නේ ජවිපයට... ආණ්ඩුවට නම් ඔය 20000 පිටරට මළත් කමක් නැහැ... ලංකාවට ඇවිල්ලා ඡන්දෙ දෙනවට වඩා...
PATHUM Friday, 12 June 2020 03:40 PM
ජෙවිපෙ ගොන්කම හා අවස්ථාවාදීකම පමණමයි මෙම ප්‍රකාශයෙන් පෙනෙන්නෙම. පහුගිය කාලෙම කියෙව්වේ ගුවන්තොටුපල වැහුවේ නෑ කියලා. දැන් කියන්නේ ඇයි ගුවන්තොටුපල වහගෙන ඉන්නේ කියලා. හැමදාම වගේ ඔවුන් කියු දේ ඔවුන් දන්නේත් නෑ. ICU ඇඳන් 500 තිබෙන රටක අවධානම් සහගත ලෙස ඔවුන් රැගෙන ඒම හරහා සමස්ථ රටම අනතුරට හෙලීමක් සිදුවන්නේ...
chithranandaSaturday, 13 June 2020 12:21 AM
අවස්ථාවාදී කවුද යන්න ඔබ පැහැදිලිව දක්වා තිබෙනවා. විදෙස් රටවල අතරමංව අපා දුක් විඳින අපගේ සහෝදර ජනතාව මෙරටට ගෙන්වාගෙන ඔවුන්ව සුරක්ෂිතව නිරෝධායන කොට සමාජගත කිරීම අවස්ථාවාදී ක්‍රියාවක් වන්නේ කෙසේද? ඔබගේ බයි ලොජික් අදහස පැහැදිලි නැත. නමුත් පැහැදිලි එක් දෙයක් ඇත. ඔබ අමුම අමු අවස්ථාවාදියෙකු සහ ආත්මාර්ථකාමී පුද්ගලයෙකු බව පෙනේ.
MO77Saturday, 13 June 2020 05:11 AM
ICU ඇඳන් 500ක් තිබෙන රටක! කවුද ඒ වගකීම ගන්නේ?
chamikaSaturday, 13 June 2020 07:31 AM
කෝටි ප්‍රකෝටි ගනන් වාහන 5000කට වඩා, මැති ඇමති ඇතළු ඔවුන්ගෙ කාර්‍ය මණ්ඩලවලට තියන රටක, මුලු රටේම අපිට ඇයි ඇදන් 500ක් විතරක් කියල, හිතෙන් නැත්ද මුලින්ම?
Lion Saturday, 13 June 2020 07:44 AM
අනේ ඔයාගෙ මොලේ කොතනද තියෙන්නේ.... ජෙප්පෝ කිව්වෙ මුලදිම වැහුවා නම් අඩුකරගන්න තිබුණා කියලා... රටෙ මිනිස්සු ලංකාවට ගේන්න එපා කියලා ඒ අය කිව්වෙ නැහැ.
අබරන් ආතාSaturday, 13 June 2020 10:21 AM
අත්තන ඇට කාලද දරුවෝ? මෝඩ දරුවා කියන්නේ මලපහ කරන්න මුත්‍රා නොකර කියලනේ... රට වැහුවහම මිනිස්සු ගෙන්නන්නේ බොලාගේ ගෙදරින්ද ?
BamunuarachchiTuesday, 16 June 2020 04:32 AM
අබරන් කිරි ආතා, මේ රාලට උත්තර දෙන්න එපා.
හොඳම 225 තෝරමු Friday, 12 June 2020 03:57 PM
මං හිතන්නේ මේක ආණ්ඩුවට කරන අභියෝගයක් කියලයි. ආණ්ඩුව අභියෝගය පිළිගන්නවා. මැතිවරණයට කලින් 40000ම ගෙන්වනවා ඔට්ටුයි.
de silva berlin Friday, 12 June 2020 05:26 PM
අනිවාර්යයෙන්ම මේක කරන්න පුළුවන්.
Demuni Uduwara Friday, 12 June 2020 05:28 PM
ඒතා ඉතා හොඳයි.. රජය මීට උදව් කළ යුතුය.
Prabha Friday, 12 June 2020 07:08 PM
අන්දරේගේ කතාවක් මතක් වුණා. ගල උස්සලා කරේ තිබ්බොත් ගෙනිහිල්ලා දෙන්නම් කිව්වලු..
මෝ Friday, 12 June 2020 09:36 PM
මෙයාගෙ කතා අහන අය බුද්ධියෙන් කල්පනා කරලා බලන්න. මෙයාගේ කතාවත් අර අන්දරේ කිව්ව කතාව වගේ... කට්ටිය එකතුවෙලා ගල උස්සලා මගේ කරෙන් තියපං මං ගෙනිහින් ඈතට විසිකරන්නං කියලා. 20000ක් ගේන්න ගුවන් වාර කීයක් අවශ්‍යද? 20000ක් නිරෝධායනයට, කෙතරම් සේවක මණ්ඩලයක් උපකරණ, ආරක්ෂක ඇඳුම් කට්ටල ආදිය අවශ්‍යදැයි ගණන් හදාගෙන, බලන්න. මෙයා හිතාගෙන ඉන්නේ 3% ගෙවල්වල එක්කෙනා දෙන්න තියාගෙන නිරෝධායනය කරන්න දෙන්න එපා. මේ සෙට් එක ඡන්ද හිඟාකන්න පොර ටෝක් දෙනවා. මොලෙන් හිතාබලා මෙවැනි අය මාගේ මව්බිමින් සදාකාලයටම අතුගා දමන මෙන් බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලා සිටිමි.
දුටුගැමුණු Friday, 12 June 2020 11:26 PM
3% ට තව 40,000 ක් එකතු කර ගන්න අසරණ වුණු මිනිසුන් වහල් වෙන්දේසියේ විකුණන්න හදන්න එපා...
Indunil Friday, 12 June 2020 11:33 PM
අන්දරෙත් කිව්වලු ගල උස්සලා කරෙන් තිබ්බොත් අරගෙන් යන්නම් කියලා...... මේ කථාවේ අරමුණු දෙකයි...... 1. ඡන්දෙ ලං වෙලා වැලේ වැල් නැතුව ඉන්න වෙලාවේ ලකුණු දමා ගැනීම,..... 2.ආණ්ඩුව ඔය කියන ගුලිය කාලා එකපාර දහස් ගණන් ගේන්න අරගෙන රෝහල් පද්ධතියට දරා ගත නොහැකි පරිදි රෝගීන් වැඩි වූ විගස, "ආණ්ඩුව අනාගත්තා" යැයි කීම.. එක රෝගියෙක්ගේ වගකීම හරි භාර දුන්නොත් අනිවා ඕන ඔට්ටුවක් දාන්නම්, කොරෝනා දෙවැනි රැල්ල පටන් ගන්නවා!..
නෙවිල් Saturday, 13 June 2020 03:23 AM
උදෙන්ම ෂොට් එකක් දාගෙන වගේ.
මංගල Saturday, 13 June 2020 03:54 AM
කයිවාරු. ගුවන් තොටුපළ වැහුවේ නෑ කියලා මර ලතෝනි දුන්නා. වසංගතය පාලනය කළාට පස්සේ වැලේ වැල් නැතිවෙලා පස්සේ මරු කියවනවා. ඔය උන්නැහේලා ගැන මේ රටේ මිනිස්සු හොඳට දන්නවා. 3% තවත් අඩු වෙනවා මේ වතාවේ...
bandara Saturday, 13 June 2020 04:27 AM
අන්දරෙත් ඔහොම කිව්වලු... වැඩේ උස්සලා දුන්නොත් අරගෙන යනවා කියලා..
සත්‍යාපල මාතර Saturday, 13 June 2020 05:04 AM
යුද්දෙ කරනකොට යුද්දෙ නවත්තපල්ලා කියනවා. යුද්දෙ නැති කාලෙ යුද්ද කර පල්ලා කියනවා. ඒක තමයි ජේ.වී.පී න්‍යය. ඹ්වා පිලිගන්න මෝඩයින් දැන් මේ රටේ බොහොම අඩුයි.
Susantha dodangoda Saturday, 13 June 2020 05:19 AM
මෙවගේ අවස්ථා වාදී දේශපාලනය කරන අය කොහෙවත් නැතිව ඇති මේ සැරේ %3ටත් කෙලවෙනවා...
කරුණාරත්න Saturday, 13 June 2020 05:44 AM
ගොන්නු රැවටෙයි ඔය කතාවට. ගේන්නනේ වියදම් යන්නෙ ගොඩක්. ගෙනාවාම නිරෝධායනයට ලක්කරන්න ජ.වි.පෙ. මොකටද? වීරකම ඒ අයව ගේන එකයි.
Kuma Saturday, 13 June 2020 10:28 AM
වියදම් යන හින්දා තමන්ගේ රටේ මිනිස්සුන් වෙන රටක මැරෙන්න ඇරලා බලන් ඉන්නවා
Bandara Saturday, 13 June 2020 08:47 AM
Icu ඇඳන් 500ක් තියෙනවා කියන එක නියතයක් ද? ඒක වැඩි කරන්න බෑ ද?. වංචාව දූෂණය නැත්නම් මේ රටේ මොනවද කරන්න බැරි?
BamunuarachchiSunday, 14 June 2020 07:59 AM
හලෝ ජීවිතේටම ICU එකට ගිහිල්ලා තියෙනවද? ICU කියන ඒවා කූඩාරම් ඇතුලේ හදන්න පුළුවන් ඒවා නොවෙයි. ඔය ජෙප්පන්ගේ දූෂණ සටන් පාඨය නැතිව පියවි ලොවට ඇවිත් කතා කරන්න.
ජයන්ත මිලානෝ Saturday, 13 June 2020 08:50 AM
ජනතාව ගැන හිතන රට ගැන කතා කරන සත්‍ය මිනිසුන්
Rajewa Saturday, 13 June 2020 12:43 PM
ජේවීපී ත්‍රස්තවාදය තිබුණු කාලේ මිනිස්සු දහස් ගානක් මැරෙද්දි ට්‍රාන්සෆෝමර් ගිනි තියමින් රටෙහි දේපළ ඉවක් බවක් නැතිව විනාශ කරපු උදවියට දැන් අතීතය අමතක වෙලා. මේ වතාවේවත් ඇප මුදල බේරාගන්න බලන්න. දැන් ජනතාව ඉතා බුද්ධිමත් බැවින් ඔය බේගල් ඇද බාලා වැඩක් වෙන්නේ නැහැ.
Adiri Saturday, 13 June 2020 01:30 PM
මේ කට්ටිය විශ්වාස කරන්න පුළුවන්ද? දහස් ගාණක් සිංහලයින් ඝාතනය වුණා නේද?
Bamunuarachchi Sunday, 14 June 2020 04:32 AM
හලෝ ලාල් උන්නැහේ... ලංකා රජයටත් කොරෝනා ලෙඩ්ඩු දාන්න ඇඳන් 800 ලු තිබෙන්නේ... ඉන් හයසිය ගණනක් දැනටමත් පිරිලාලු. දැන් ඔබලාට 20000 නිරෝධායනය කරන්න ඇඳන් කොපමණ තිබෙනවාද? දොස්තරලා කීදෙනෙක් ඉන්නවාද? ඉස්පිරිතාල හෝ නිරෝධායන කරන්න පහසුකම් ඇති ගොඩනැගිලි කොපමණ තිබෙනවද? සෞඛ්‍ය සේවයේ පුහුණු කාර්යමණ්ඩලය කොපමණ ඉන්න වාද? මම දන්නා විදිහට එක දොස්තරයෙක් ඉන්නවා මිනිහත් ඩෙනිමක් ගහගෙන මඩ ගෑවෙයි කියලා බූට්ස් දාගෙන ෂෝ එකට කුඹුරක් හානවා. සෙල්ලම් බත් උයලා රටටම කන්න දෙන්නයි ලැහැස්තිය..
අබරන් ආතාSunday, 14 June 2020 05:53 AM
මසුරං කතාව කොලුවෝ, අම්මපා මේ දවස්වල එක තඹ දොයිතුවක් නැහැ.. තිබ්බා නං දානවා කොළුවගේ කටේ...