( පුෂ්පකුමාර ජයරත්න )
කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වූ පොලිස් කොස්තාපල්වරියක් පැමිණි සාදයකට වැල්ලව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගි වීම හේතුවෙන් වැල්ලව පොලිස් ස්ථානයේ සේවය කරන සියළුම කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.
මේ හේතුවෙන් අද (4) වැල්ලව පොලිසිය තාවකාලිකව වසා දමන ලද අතර එහි රාජකාරි කටයුතු සඳහා වෙනත් පොලිස් ස්ථානවලින් තාවකාලිකව පොලිස් නිලධාරීන් පිරිසක් අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති බව කුරුණෑගල උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
වැල්ලව, සීරාදුන්න ප්‍රදේශයේ පදිංචි කොළඹ පොලිස් ස්ථානයක සේවය කරන මෙම කොස්තාපල්වරිය තම මවද සමඟ සිය ගම් ප්‍රදේශයේ පැවැත්වූ සාදයකට සහභාගි වීමට පැමිණ ඇති අතර එම සාදයෙන් පසුව කොස්තාපල්වරියත්, ඇගේ මවත් රෝගාතුර වී ඇත. ඔවුන්ගේ රෝග ලක්ෂණ සැක සහිත වූ බැවින් ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව දෙදෙනාටම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
ඒ අනුව එම සාදයටම සහභාගි වූවා යැයි කියන වැල්ලව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් සමඟ තවත් පිරිසක්ද ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබේ.
කොරෝනා ආසාදිත කොස්තාපල්වරිය තම මවද සමග කොළඹ පොලිස් ස්ථානයේ පිහිටි නිල නිවසක රැඳී සිටි බැවින් එහිදී ඔවුන් දෙදෙනාටම කොරෝනා වෛරසය ආසාදනය වන්නට ඇති බවට සැක කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වැල්ලව පොලිසිය වසා දමයි
Nisha Friday, 04 December 2020 10:48 AM
වගකීම් දරණ මිනිස්සු මෙහෙමද හැසිරෙන්නේ...? රටේ මිනිස්සු බඩගින්නේ ඉඳගෙන වගකීම් ඉටු කරන්නේ නැහැ. මේ මිනිස්සු වගකීම් තියා නීතියවත් හරියට රකින්නේ නැහැ. කෝ මේ අයට නීතිය?