IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


විදෙස්ගත ලාංකිකයෝ තිදෙනෙක් කොරෝනාවෙන් මියයති

(තිළිණි ද සිල්වා)

යුරෝපා රටවල නැවතත් පැතිර යන කො⁣රෝනා වසංගත තත්ත්වය හමුවේ එම වයිරසය ආසාදනය වීමෙන් ඉතාලියේ සහ බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එම රටවල තානාපති ආරංචි මාර්ග කියා සිටී.

මියගොස් ඇත්තේ ඉතාලියේ මිලාන් නගරයේ පදිංචි ලාංකික පිරිමි පුද්ගලයෙකු හා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර වාසය කළ ලාංකික කතුන් දෙදෙනෙකි.කොරෝනා වයිරසය ආසාදන වීමෙන් පසුව මොවුන් තිදෙනා රෝහල් ගතව ප්‍රතිකාර ලබා සිටියදී ඇතිවූ සංකූලතා මත මොවුන් තිදෙනා පසුගිය සති අන්තයේදී ජීවිතක්ෂයට  පත්ව ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සීටී.

මිලාන්හි දී මියගිය ලාංකිකයා කුරුණෑගල  ප්‍රදේශයේ පදිංචි , වසර කීපයක සිට තම පවුලේ සමාජිකයන් සමග ඉතාලියේ  ජිවත් වු ශ්‍රීලාල් හේරත් නැමැති 56 හැවිරිදි විශ්‍රාමික හමුදා නිලධාරියෙකි.

මිලාන් හීදී මියගිය  ලාංකිකයාගේ පවුලේ සාමාජිකයන්ව මේ වන විට නිවස තුළම නිරෝධායනට ලක් කර ඇති බවත් ඔහුගේ අවසන් කටයුතු නිරෝධායන නීතියට අනුකූලුව සිදු කිරිමට  මිලාන් නගර සභා සෞඛ්‍ය  කාර්යාලය පියවර ගැණිනි.

ලන්ඩනයේදී ජීවිතක්ෂයට පත්වූ ලාංකික කතුන් දෙදෙනාද කලක පටන් එරට වාසය කරන ලාංකිකයින් වෙති.මෙම කතුන් දෙදෙනා ගෙන් එක් කාන්තාවකගේ සැමියාද කොරෝනා වයිරසය ආසාදනය වී අසාධ්‍යව ලන්ඩන්යේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පැවසේ.

ඉතාලියේ දෙවන කොවිඩ් රැල්ලත් සමග වැඩිම ආසාදිතයන් වාර්තා වන ලොම්බාර්දියා ප්‍රාන්තයට අයත් මිලාන් නගරය ආශ්‍රිතව ජීවත් වන ලාංකිකයන් රැසකට කොවිඩ් ආසාදනය වී ඇති බවට තොරතුරු ලැබෙමින් තිබෙන බවත් ඔවුන්ගේ සුභ සාධන කටයුතු වෙනුවෙන් හැකි ආකාරයෙන් සොයා බලමින් තිබෙන බව කොන්සල් ජනරල් කාර්යාලය මේ සම්බන්ධයෙන් විමසිමේදී වැඩිදුරටත් පැවසීය.

මේ අතර බ්‍රිතාන්‍යයේ දෙවැනි කොරෝනා රැල්ලත් සමග එම වයිරස් ආසාදිතයින් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් එරට ඊයේ (02) සිට සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කිරීමට බ්‍රිතාන්‍ය රජය පියවර ගත්තේය.කොරෝනා පළමු රැල්ලේ දී එම වයිරසය ආසාදනය වී බ්‍රිතාන්‍යයේ වෙසෙන ලාංකිකයින් 30 කට වැඩි පිරිසක්ද මීට පෙර ජීවිතක්ෂයට පත්වූහ.

 



අදහස් (2)

විදෙස්ගත ලාංකිකයෝ තිදෙනෙක් කොරෝනාවෙන් මියයති

ජනිත කුෂාන් Monday, 02 November 2020 02:22 PM

හැබැයි මෙහෙ ගේන්න නම් එපා රට ඉන්න ඈයෝ.. ඊට පස්සේ එයාලා කොරෝනා අරන් මෙහෙ ආවහම මෙහෙ තියන ඉස්පිරිතාල ටික පිරුණාම ලංකාවෙන් අහුවෙන අය මුහුදට දාන්න තමයි වෙන්නේ.. කිසිම කෙනෙක් බලෙන් රට යැව්වේ නෑනේ.. රට ගියා නම් ගිය රටක කොරෝනා ඉවරයක් වෙනකම් ඉන්නනේ තියෙන්නේ.. විශේෂයෙන් මැදපෙරදිග ඉන්නවා 50000ක් විතර එන්න.. ආවොත් රටම ඉවරයි.. කිසිම කෙනෙක් කොරෝනා ඉවරයක් වෙනකම් ගෙන්වන්න එපා.. ඉන්න රටක ඉන්න අරින්න.. කොරෝනා ඉවරයක් වෙනකම් ගුවන් තොටුපළ වහලා කිසිම කෙනෙක් රට ඇතුළට ගන්න එපා.. සුලු පිරිසක් නිසා මුලු රටටම දුක් විඳින්න බෑ.. ඒ අය ඉන්න රටවල රස්සාවල් නෑ.. කන්න නෑ කිව්වට මෙහෙ ඉන්න අහිංසක මිනිස්සු ඒකට පලි නෑ.. අනික හැමෝම කියන්නේ විදේශ විනිමය ගේන්න ගිය රට විරුවන් කියලනේ.. හැමෝම එහෙනම් විදේශ විනිමය හොයලා ආණ්ඩුවේ ගිණුමට වෙන්න ඇති සල්ලි එවන්න ඇත්තේ...

:       0       0

Ishan Monday, 02 November 2020 06:36 PM

කොරෝනා වෙලාවේ හැදිච්ච අය ගැන එම්බසියෙන් හොයලා බලනවාලු. අපි ඉන්න තැනක එඩ්‍රස් එකක්වත් නැතුව හොයලා බලන විදිහ දන්න කෙනෙක් කියනවද? මැරිලා සතියකට පස්සේ ෆේස් බුක් එකෙන් බලලා ගාන අප්ඩේට් නම් කරනවා ඇ‌ති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31636 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14061 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1109 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site