රොයිටර් පුවත් සේවය විසින් සිදුකළ ගනණය කිරීම් වලට අනුව ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 700,000 ඉක්මවා ඇතැයි වාර්තා වේ.
ඔවුන් පවසන්නේ සෑම පැය 24 කට වරක්ම මිනිසුන් 5,900ක් පමණ කොරෝනා රෝගයෙන් මියයන බවයි.
ඒ අනුව පැයකටම පුද්ගයින් 247ක් මියයන අතර තත්පර පහකට වරක් එක් පුද්ගලයෙකු මියයයි.
ඇමරිකාව, බ්‍රසීලය, ඉන්දියාව සහ මෙක්සිකෝව මරණ සංඛ්‍යාව සම්බන්ධව ඉදිරියෙන්ම සිටින රටවල් වෙයි.
වැඩිම මරණ සංඛ්‍යාව වන 155,000ක් ඇමරිකාවෙන් වාර්තා වුවද ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසන්නේ මේ වනවිට වයිරසය පාලනය කළහැකි තත්ත්වයට පත්ව ඇති බවයි.
වයිරසය මැඩපැවැත්වූ බවට සඳහන්වුණු සමහර රටවල් මෑතකදී නැවතත් රෝගීන් වැඩිවීමට පටන්ගෙන ඇති බවද රොයිටර් වාර්තා පෙන්වා දෙයි.
ඕස්ට්‍රේලියාව, ජපානය, හොංකොං, බොලිවියාව, සුඩානය, ඉතියෝපියාව, බල්ගේරියාව, බෙල්ජියම, උස්බැකිස්ථානය සහ ඊශ්‍රායලය එලෙස වාර්තාගත ලෙස රෝගීන් ඉහළ ගිය රටවල් වේ.
ඕස්ට්‍රේලියාව ද අද (05) වාර්තාගත ලෙස මරණ 247ක් වාර්තා කළේය.
බ්‍රසීලයේ වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වුවද ජනපති ජයාර් බොල්සනාරෝ වසංගතයේ බරපතල කම සම්බන්දව තැකීමක් නොකරන අතර අගුලු දැමීමේ ක්‍රියාමාර්ග වලට ද විරුද්ධව කටයුතු කරයි.
මිලියන 640ක පමණ ජනතාවක් වෙසෙන ලතින් ඇමරිකාවේ දැඩි දරිද්‍රතාවය හා ජනාකීර්ණ බව හේතුවෙන් වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබේ.
එයින් මිලියන 100කට අධික ජනතාවක් මුඩුක්කු වල වාසය කරන බවද රොයිටර් පුවත් සේවය පෙන්වා දෙයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ලොවපුරා කොරෝනා මරණ ලක්ෂ හත ඉක්මවයි