IMG-LOGO

ලෙබනනයේ ලාංකිකයින් 300 කට පී.සී.ආර් පරීක්ෂණ නොමිලේ

( තිළිණි ද සිල්වා )
 
 මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් ලෙබනනයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් 300 කට ආසන්න පිරිසක් වෙනුවෙන් නොමිලේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමට එරට රජය එකඟතාව පල කර ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.
 
 ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති ශානි කරුණාරත්න මහත්මිය සහ ලෙබනන් කම්කරු අමාත්‍ය ලැමියා යම්මින් මහත්මිය සමඟ පැවති සාකච්ඡාවකදී මෙම එකගතාවයට පැමිණි බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.
 
 කොවිඩ් 19 වයිරස ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකිකයින් 300 කට අධික පිරිසක් දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව ද තානාපතිවරිය මෙහිදී ලෙබනන් කම්කරු අමාත්‍යවරයා හමුවේ දන්වා ඇතැයිද විදේශ අමාත්‍යාංශය කියා සිටී.
 
මොවුන් සංක්‍රමණික කම්කරුවන් ලෙස එරට රැදී සිටින අතර ඔවුන්ට සේවා නොලැබීම, වැටුප් ගැටලු සහ සෞඛ්‍ය ගැටලු පවතින බවට මෙම සාකච්ඡාවේදී අනාවරණය වී ඇති බව සඳහන්ය.
 
ඒ අනුව මේ සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර ඊට ලබා දිය හැකි විසඳුම් සම්බන්ධයෙන් ද ලෙබනන් කම්කරු අමාත්‍යවරිය ශ්‍රී ලංකා තානාපතිවරයා දැනුවත් කර තිබේ.
 
කෙසේවෙතත් ලෙබනනයේ පී.සී.ආර් පරීක්ෂණයක් සඳහා ඩොලර් 100 ක මුදලක් අය කෙරෙන අතර ලෙබනන් කම්කරු අමාත්‍යවරිය පවසා ඇත්තේ ශ්‍රී ලාංකිකයින් සඳහා ඩොලර් 20 ක ඉතා අවම මුදලක් යටතේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමේ අවස්ථාව සලසා දිය හැකි බවයි.
 
එහෙත් මේ පිළිබඳ සිදුකළ වැඩිදුරටත් පැවති සාකච්ඡාවේදී මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් ලෙබනනයේ රැදී සිටින ලියාපදිංචි වී ඇති ශ්‍රීලාංකිකයින්ට නොමිලයේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමේ අවස්ථාව ලබාදීමට ලෙබනන් කම්කරු අමාත්‍යවරිය කැමැත්ත පල කර ඇති බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.
 
ශ්‍රී ලංකා තානාපතිවරිය සහ ලෙබනන් කම්කරු අමාත්‍යවරිය අතර පැවති සාකච්ඡාවේදී වැඩිදුරටත් ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වන ශ්‍රමිකයින් පිළිබඳ අවබෝධතා ගිවිසුම් සහ ඒකාබද්ධ කොන්ත්‍රාත්තු,අවම වැටුප සහ කම්කරුවාගේ අයිතිවාසිකම් පිළිබඳව ද කරණු හුවමාරු වූ බව එම අමාත්‍යාංශය පැවසීය .

මෙම අවස්ථාවට තානාපති කාර්යාලයේ උපදේශක (නැගෙනහිර හා බටහිර) පී. කේ. හෙට්ටියාරච්චි සහ එරට කම්කරු අමාත්‍යාංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ඩෙනිස් ඩහ්රූජ්  යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.



අදහස් (1)

ලෙබනනයේ ලාංකිකයින් 300 කට පී.සී.ආර් පරීක්ෂණ නොමිලේ

fairoos Sunday, 07 June 2020 07:08 AM

තානාපතිවරිය සහ ලෙබනන් රජයට ස්තුතියි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 138 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 419 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site